පනස් එක්වන හිමිවීම 💙

1K 181 66
                                    

බම්බලපිටිය දිහාට රිය පදවන මහිත්ගේ දෑත් කිටි කිටියේ සුක්කානමට තද වෙලා තිබුණේ කේන්තියෙන් වගේම දෑත් දිගේ පෑදුණු නහර වැල් ඒ කේන්තියේ තරම මවා පෑවා....

මේ තරම් වංචාවක් .....

මේ තරම් රැවටීමක්......

වචනයේ පරි සමාප්තාර්ථයෙන්ම අභිමානවත් නම්බුකාර මිනිහෙක් වුණ මහිත්ට තමන්ගේ ඇස් යට උන්න කෙල්ල වෙන මිනිහෙක්ගේ අතින් ගැබ් ගත්තාය කියන තිත්ත ඇත්ත දරාගන්න අපහසු වුණා.......

මොන මොන විදියේ අර්ථ කථන මිතුනිගේ හිතේ තිබුණත් තමන්ට සහෝදරියක්ම වුණ තරුණිය.....

තවත් සති හයකටත් නොඅඩු කාලෙකින් තමන් එක්ක පෝරුවට නගින්න ඉන්න තරුණිය.....

මොන වගේ මිනිහෙක්ට රැවටිලාද කියන්න දන්නේ නෑ......

ඒ හැමදේටමත් වඩා......

මිතුනි කියන්නේ දැන් තමන්ගේ වගකීමක් වෙච්ච කොට.....

මිතුනිගේ අම්මාගේ මූණ මහිත්ගේ ඇස් දෙක මානයේ මැවිලා පේන්න වුණා.....

ඇක්සලේටරය තවත් තදින් පාගපු මහිත් වාහනයේ වේගය වැඩි කළා......

............................................................................................................................











ඩර්ඩන්ස් එකේ ඇතුල් වීමේ දොරටුවෙන් හුළඟක් වගේ වේගයෙන් ඇතුළට ගියපු මහිත් දිගින් දිගටම මිතුනිගේ දුරකථනයට ඇමතුම් ගන්න උත්සාහ කළත් පටිගත කරන ලද කාන්තා කටහඬ ඇරෙන්න වෙන කිසිම දෙයක් ඇහුනෙ නෑ.......

ඒ ආවේගයෙන්ම විදුලි සෝපානයට ගොඩ වුණු මහිත්  හත්වන මහලට යන්න බොත්තම් තද කළා.....

විනාඩියක් විතර කාලයකින් හත් වෙනි මහලේ නතර වන වුණු සෝපානයෙන් පිළිපන්න මහිත් හෙමින් හෙමින් අඩි  තියමින් 13 වන කාමරය හොයාගෙන ගියා......

වෛද්‍ය  අනෝජා රාජපක්ෂ යන නම සඳහන් නාම පුවරුවක් සහිත කාමරයේ දොර ඇරුනේත්...... මිතුනි ඒ දොරෙන් එළියට ආවෙත්....... මිතුනීගේ ඇස් වලට මහිත්ගේ ඡායාව හසුවුණේත්........ මහිත්ට මිතුනිව නෙත ගැටුනේත් එකම ඉසිඹුවක...........

තමන් ඉස්සරහ තියෙන කේන්තියෙන් රත වැදිලා පුපුරු ගහන ඇස් දෙක දැකපු මිතුනි, බයෙන් වෙවුලා ගියා........

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now