🦋Chapter 02🦋

60 6 1
                                    

හයියෝයෝයෝ....ඉස්කෝලේලේ..

මං උදේම නැගිටලා නිදිමරගාතෙම බාතෲම් එකට රිංගලා වෙනදා වගේම හොදට උණු වතුර නාගත්තා.නාගත්තට පස්සේ නම් අර කලින් තිබ්බ ඈලි,මෑලි,මූසල,කම්මැළි ගතිය නන් නැති වෙලා ගියා.

නාගෙන ඉවර වෙලා මං දත් සෙට් එකත් මැදගෙන කාමරේට ඇවිත් කලු ඩෙනිම් එකට අලුපාට හූඩි එකක් ඇදගත්තා.පහලට යන්න කලින් හූඩි එකෙන් මගේ මූණත් අමතක නොකරම කවර් කර ගත්තා.මගේ කොන්ඩේ බෙල්ල ලගටම වැවිලා නිසා හූඩ් එකෙන් එලියට මගේ මූණ ලොකුවට පේන්නේ නෑ.

මං ඉස්සරහ දොර ලග ඉදන් සපත්තු දෙක දාගෙන අම්මටත් හාච්චියක් දීලා ඉස්කෝලෙට ගියා.ඇත්තම කියනෝනන් ඉස්කෝලේ තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුවම නිසා මම පයින්ම ඉස්කෝලෙට ගියා.එහෙම නැතුව මේ මට තාම කාරෙකක් නැති නිසා නෙවෙයි හොදේ.

විනාඩි පහළවකට විතර පස්සේ මම ඉස්කෝලෙට ආවා.ඒ ඉස්කෝලේ හරියට අපි ඔය TV වල දකින ඒකාකෘතික පාසලක් වගේ.ඒ කියන්නේ සමාන ලක්ෂණ ගති පැවතුම් තියන කට්ටියක් එකට එක්කහු වෙලා ඔයාගේ අනන්‍යතාවයේ දෙයක් නිසා ,පෙනුම නිසා එහෙම නැත්තන් වෙන මොකක් හරි ගතියක් නිසා ඔයාව ඒ දේට අනුව judge කරනවා.එතකොට ඔයාව නිකන් වෙනමම කෙනෙක් විදියට highlight වෙලා පේන්න ගන්නවා.මට නම් ඉතින් ඒවගෙන් වැඩක් නෑ.කොහොමහරි ටික වෙලාවකට පස්සේ මං office එකට ගිහින් මගේ කාලසටහන අරගත්තා.

මට තාම තේරෙන්නේ නෑ ඇයි මම මේ ඉස්කෝලෙට යන්න ඕන කියලා...අනික මම දැනටමත් මගේ ඔක්කොම exam ඉවර කරලා ඉන්නේ.ඉතින් හිතන්නකෝ සති තුනක් විතරක් ඉස්කෝලේ ඉදලා මොන කෙහෙල්මලක් කරන්නද කියලා..

මං උදේම ගණන් පන්තියට ගිහින් ඔලුව බිමට හරවගෙමන වාඩි වෙලා හිටියා.එතකොට කාටවත් මම කවුද කියලා පේන්නේ නෑ.සමහර විට ඉස්කෝලෙන් භාගෙට භාගයක්ම වෘකයෝ ඉදියත් එයාල දන්නේ නැතුව ඇති මම වෘකයෙක් කියලා.

ආආආහ්හ්හ්හ්....මට නිකන් මොංගල් වගේගේගේගේ.....

ඒ අස්සේ මට ඇහුනා තව දෙතුන් දෙනෙක් ඇතුලට එනවා.ඒ නිසා මං  වාඩිවෙලා හිටිය පුටුවේ තව ටිකක් පහලට රූටලා ගියා.

- කොළ පාට ඇස් - (Onhold)Where stories live. Discover now