පනස් දෙවන හිමිවීම 💙

936 189 70
                                    

"පුතේ......"

සුදු පාට ආලෝක කදම්භය කෙළවර ඇහෙන අම්මගේ කටහඬ මහිත්ව සන්සුන් කළා....... සම්පූර්ණ වට පිටාවම සුදු පාටයි..... හරියට හිස් කඩ දහියක් වගේ......

"අ....ම්....මා......"

කටහඬ ඇහෙන ආලෝකය දිහාවට මහිත් පාවෙලා වගේ යන්න පටන් ගත්තේ අසීමාන්තික සැහැල්ලුවක් හිතට වගේම ගතටත් දැනෙද්දි.......

පිහාටුවක් ..... නැත්තම් පුළුන් රොදක් සුළඟේ පාවෙලා යනවා වගේ...... සැහැල්ලුවක්.....

පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත රූපයන්ගෙන් සැදුම් ලත් ශරීරය පළවෙනි වතාවට අංශුවක තරම්වත් බරක් නැති පුළුන් රොදක් වගේ මහිත්ට දැණුනා.....

ශරීරය විතරක්මද..... මනස..... කිසිම පරි බාහිර කාරණාවක් සිහි කල්පනාවට නො එලඹෙන එක.....

සිහි කල්පනාව නැති කරන ප්‍රශ්න.... ගැටළු.... කිසිම දෙයක් ගැන අංශු මාත්‍රයක සිතුවිල්ලක්වත් නැතිව දැනෙන මේ සැහැල්ලුවට මහිත් ආශක්ත වුණා.....

"සුදු පුතා....."

"අම්මා....."

ආලෝක උමඟ කෙළවරක සුදුම සුදු පැහැති දිගු ගවුමකින් සැරසුණ අම්මගේ ඡායාව මහිත්ගේ ඇස් දෙකට කඳුළු බිංදුවක් එකතු කළා.......

අවුරුදු  හතක්...... ඔව්.... දවස්ම දෙදාස් පන්සිය පනස් පහක්...... පැය හැට එක් දහස් තුන්සිය විස්සක්.....

ඒ තරම් කාලයකට පස්සේ අම්මගේ කට හඬ ඇහෙද්දි මහිත්ව ගින්නට ලං කල වෙඬරු පිඩක් වගේ දිය වෙලා ගියා.......

"අම්මේ........ ඇයි...... මාව.... මෙච්චර තනි කලේ..... ඇයි මාව.... තනි කළේ අම්මේ......"

"ඇයි මේ...... ම්ම්ම්....... මගේ සුදු පුතා දැන් ලොකු මිනිහෙක්නේ.....  ඇයි අඬන්නේ??....

අම්මා කවදාවත් පුතාව තනි කලේ නෑනේ..... පුතාට දැනිලා නැද්ද ..... අම්මා හැමදාම හිටියේ පුතාගේ ළඟින්මනේ.....

පුතාට නොදැනුනාට අම්මා හැමදාම පුතාගේ දිහා බලාගෙන හිටියනේ.....

මං ඔය දවසින් දවස ලොකු වෙන හැටි හැම තප්පරේකම ඔයාගේ ළඟින් ම ඉඳන් බලාගෙන හිටියේ......

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now