පනස් පස්වන හිමිවීම 💙

1K 178 104
                                    

වේගයෙන් ධාවනය වුණ කළු පැහැති අවුඩි මෝටර් රථය  පෞද්ගලික මාවතක කළු පැහැති විසල් ගේට්ටුවක් අභියස නතර වුණා.......

කීක්.... කීක්.... කී.....ක්.....

"ඔය හෝන් එක උඩ නගින්නේ නැතුව ඉඳපන් බං....  අර වයසක මනුස්සයත් බය වෙලා....."

කුඩා පැති ගේට්ටුවෙන් ඔලුව දාලා එබිලා බලමින් කාර් එක දිහාට එන වියපත් මිනිසාව පෙන්නමින් නිකිත් කිව්වා.....

"චූටි මහත්තයානේ මේ.... මං ඒත් බැලුවා කවුද කියලා.... ඉන්ඩ ඉන්ඩ ..... මං ගේට්ටුව අරින්නම්...."

වත්ත පිටියේ වැඩ පළ කරන්න ඉන්න සිරිදාස එහෙම කිව්වේ වාහනයේ ශටරය අතරින් පෙනුණ මහිත්ගේ රූපය අඳුරගෙන.....

"ඉක්මණට ...."

ස්වයංක්‍රීයව ඉහලට රෝල් වෙවී විවර වුණ ගේට්ටුවෙන් ඇතුල් කරපු අවුඩිය මැද මිදුලේ නතර කරපු මහිත් දඩාස් හඬින් කාර් එකේ දොර වහලා දැම්මා......

"මිතුනි...... මිතුනි......"

විවර කරලා තිබුණ ප්‍රධාන දොරෙන් අවසර නොලබාම ඇතුළු වුණ මහිත් මහ හඬින් මිතුනිගේ නම කියමින් කෑ ගහන්න වුණා.......

"ආ...... ආ.... මොකද මේ...... ඔය ළමයා මොකද මේ ගිරිය පුප්පන්නේ...... "

කෑම කාමරය පැත්තේ ඉඳන් දොර රෙද්ද මෑත් කරන් ආව මිතුනිගේ අම්මා ; මංගලා එහෙම ඇහුවා.....

"ආන්ටි.... කෝ මිතුනි???"

"මිතුනිගෙන් ඔය ළමයට ඇති වැඩේ මොකද්ද..... දැන් ඉතින් මේවා වෙන දේවල් නෙවේනේ.... එහෙව් එකේ ඔය ළමයා තවත් මෙහේ එන්නේ මොකටද???

අනිත් එක මම මේ ඔය ළමයගේ අම්මා වගේ නිසා කියන්නේ......

අසනීපයක් තියෙනවනම් බෙහෙත් ගන්න..... ඔය නිකම් මන්ස්ගාත ලෙඩ නිසා නිකම් ඔය තරුණ ජීවිත විනාශ කරගන්නේ නැතුව....."

මංගලා හැට්ට කර උඩින් අහක බලාගෙන අමුතුවට කියද්දි මහිත් කෝපය ඉවසගත්තේ බොහොම ආයාසයෙන්.....

කාළගුණයටත් වඩා වේගයෙන් මිනිස්සු වෙනස් වෙන හැටි....

මහිත්ට කල්පනා වුණා.... මෙතුවක් දවස්ම මගේ පුතා කියමින් තමන්ට ආදරණීයව සලකපු මිතුනිගේ අම්මා අද වෙනකොට තමන්ගේ නමක්වත් නොකියා 'ඔය ළමයා'  වගේ නන්නාඳුනන ආමන්ත්‍රණයකින් අමතන්නත් පටන් අරන්....

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now