- 62 -

240 37 15
                                    

     " ඔය සතාව කැලේට යන්න ඇරපං කියලා මං අනන්තවත් කිව්වා.. කෝ.. "

    " ආයි! "

නෙලුම්ගේ කම්මුල මත කහ මිශ්‍ර පොල්තෙල් තවරා පිහි තලයකින් දළඹු බූව සූරා ඉවත් කරන්නට අසිපත්ට සිදුව තිබුණි. ලා රන් පැහැ මුහුණ රතු වී ඉදිමී තිබුණේ කම්මුලට හුරතලයක් එක් කරමින් වුවත් විශ සහිත බූව ඉවත් නොකරන තුරු ඉදිමුම් නොබසිනු ඇත.

     අසිපත් ඇන්න ටොක්ක නිසා නෙලුම් එකතැන් වූයේ දැගලිල්ල ආයාසයෙන් නවතාගෙන ය.

     " හිටහං මැරෙන්න හදන්නැතුව! "

" රිදෙනවා ඉතිං! ඒ මදිවට කසනවා.. "

      " දළඹුවෙක් ගෑවිල බේරුණා මදෑ.. කැලෑගාල් ගානෙ රිංගන්න ගිහින්  නයෙක් පොලගෙක් ලවා කෙලෝගන්නැතුව. ඔය හාවා ඇරපං කැලේට. අහිංසක සත්තු.. "

    " ඉතිං මං අල්ලගෙන ඉන්නවෑ ටිකිරිනෙ මං පස්සෙන් එන්නෙ.. "

" උබ කැලෑ ගාල් ඇද ඇද ගෙනත් දාන හින්දනෙ ඒකි කැලේට නොගිහින් උබ පස්සෙන් එන්නෙ. "

    " ඉතින් එයා බඩගින්නෙ තියන්නද කියන්නෙ? "

" සත්තු ඉන්ඩෝන කැලේ! උබ කැලෑගානෙ රිංගන රිංගිල්ලට උං හිතාගෙන ඉන්නෙ උබත් වදුරු පැටියෙක් කියලා. බලහං ගස් ගද ඇග පුරාම! ගලේ ගහල හේදුවත් ඔය ගද යන්නෑ උබ ලගින්.. සත්තු රැවටෙන එක පුදුමයක්ද?! "


     " ඉතිං- "

" හා හා මේ..! මේ ටික සූරල ඉවර වුණාම ගිහින් බාත් රූම් එකෙන් නාගන්නවා. වැවට යන්න එපා අද ඉදිමුමට විශබීජ ගියොත් ආය එකක්. මුලින් දාහං ඔය සතා බිම! බලහං රෙදිවලත්තෙක්ක- හයියෝ- මේ පඩි කැටිය රෙදි පුරාම..! උබ මලපෙරේතයෙක්ද බං?! ඇයි බල්ලො පිරිසිදුව ඉන්න බැරි.. "

     " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? "

" උබ පකටද උං බදාගෙන නටන්නෙ?! උන්ට උංගෙ පාඩුවෙ ඉන්න දියංකො. එපා කිව්වම හොරෙන් හරි ඒකමයි කරන්නෙ. කැලෑගානෙ රිංග රිංගා..! "


සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now