❄️10☃️

961 272 134
                                    

නෑ...නෑ....ඒක වෙන්න බෑ....ඒක නම් වෙන්න බෑ දෙයියනේ......නෙස්ටෝරි .............

මට කෑ ගැස්සුනා .........උනුසුම්ම උනුසුම් ලේ විලක් මැද ඇසුත් ඇරන් උන්නෙ නෙස්ටෝරි වෙනකොට එයාව වටකරන් වෙච්ච දේ ට කම්පා වෙනගමන් මැරිලද නැද්ද කියන කාරනාව ගැන මෙලො මංගල්ල්‍යක් නොදන්න එවුන්  මේ වෙනකොටත්  කඩවසම් නෙස්ටෝරි දිවි සැරිය නිමා කරයි කියන වචන ටිකත් එක්ක අමුනලා එයාගෙ පින්තූරෙ හිතු මනාපෙට උඩු ගත කරන්න ගත්තා....

සමහරු මා දිහාත් උන්ගෙ අතේ තිබුන ඵෝන් දිහාත් බලලා මීට ටික වෙලාවකට උඩදි  හෝටල් කාමරේ අස්සෙ එයාට මුදුව දාපු අසමජ්ජාති කොල්ලා මමයි කිය කිය කසකුසු ගගා තවත් ප්‍රශ්න මවන්න ගන්නකොට මං බෙරිහන් දුන්නා....

එයා එහම නෑ....එයා එහෙම නෑ ගගා මං පොලවෙ අඩි ගැහුවා....

ඒත් වැඩක් නෑ....

ඒත් වැඩක් උනේ  නෑ...කරදරේකදි හිත උනුවෙන්න කලින් දැන් ඉන්න මිනිස්සු කරන්නෙ ස්මාර්ට් ඵෝන් අරන් වීඩියො කර කර මතක පතට ඇතුල් කරන් අනිත් උන් එක්ක බෙදාගන හවුලෙ මඩගහන එකයි හවුලෙ රිදවන එකයි වෙනකොට මං උඩ ඉන්න දෙවියන්ට චෝදනා කෙරුවා කොරෝනා ආව වෙලේ අහිංසක උන් ව බිලිගත්තෙ මොකටද  මේ වගේ උන්ව අරන් යන්නෙ නැතුව කියලා.......

නවත්තපල්ලා....නවත්තපියව්....
තොපිට පිස්සු ........ඕක නවත්තපියව්....අනේඅම්මා.....අම්මා..........අම්මා එන්නකො.........අහකට පලයව් ...මං මෙයාව දන්නවා යකුනෙ.......මං මෙයාව දන්නවා...........මං මෙයාව දන්නවා......මන් මෙ මනුස්සයව දන්නවා.....දෙවියන්ගෙ නාමෙන් මාව විස්වාස කරපල්ලා...උඹලා හදන්නෙ මරාගන්නද .........

මේ ඉන්නෙ මගෙ බාප්පගෙ මාස්ටර් ....අහකට යමන් ගෑනියෙ ඔය හුචක්කුව අරගන පලයන් යන්න අහකට....පලයන් යකුනෙ.....

උඹ වීඩියො කරනවද ....කරපන්.....ඉදා .. කරපන්....උඹට මොනාද පෙන්න ඕනේ.....ඕක නවත්තපන්.......වරෙන්....වරෙන් වීඩියො කරපන් මාව...උඹට මගෙ කලිසමත් ගලවලා පෙන්නනද...ආ....හ්.....කියපන්.....
එයා මැරිලා නෑ.....එයා මැරිලා නෑ..........එයා මැරිලා නෑ.......ඕක අහකට අරගන පලයන් කාලකන්නියො............

මං කෑ ගැහුවා ....නෙස්ටෝරිගෙ න් මාව කොච්චර ඒහාට තල්ලු කරන්න ගියත්  මම නෙවෙ අහකට උනේ ..පොලීසියෙන් වගේම ඉස්පිරිතාලෙන් ආව ඇම්බියුලන්ස් වලින් බැස්ස උන් කෙරුවෙ මාවත් එයාව බලන්න පොරකන එවුන් වත් පැත්තකට තල්ලු කරන්න හදපු එක වෙනකොට මේ වේදනා මැද ලයිව් ගියපු එකියෙක්ට කෑ ගහපු මං එතන උන්න පිරිමියගෙ ඉස්සරහට ගිහින් මාව වීඩියො කරපන් කියලා මන් ඇඩන් උන්න කලිසමෙ බට්න් එක පන්නවත් එක්ක මේකා මට බැන බැන අනිත් අතට හැරුනා.....

❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )Where stories live. Discover now