පනස් අටවන හිමිවීම 💙

1.1K 194 91
                                    

"නිරෝධ කෝ බං අර ළමයි දෙන්නා....... උඹ ඒ කොල්ලො දෙන්නා තනි පංගලමේ දාලද ආවේ?? "

වෙල් යාය පැත්තෙන් ගෙයි පිළිකන්නට ගොඩ වුණ නිරෝධගෙන් නන්දනී ඇහුවේ මහිත්ලා ගැන.....

"තනියම දාලා එන්න උන් බබාලයෑ.... උන් දෙන්නා එයි හෙමීට.........  අම්මා තේ එකක් හදලා දෙන්ඩකෝ මට....."

"අනේ බං.... ඒ සුදු මහත්තයගේ යාළුවෝ වෙච්චි ..... උඹට ඔඩ්ඩි යකා වැහිලද ඒ ළමයි දෙන්නා ඇන්න ගිහිල්ලා අර වෙල මැද්දෑවේ තනියම දාලා ආවේ..... පලයං ගිහින් එක්කාන වරෙන්...... කිව්වම අහලා පලයං ඉතිං"

කුස්සියේ දර ලිපට ගින්දර එක්කහු කරමින් උන්න නන්දනී කුස්සියේ දොරකඩට ආවේ දුම් බටේ අතේ මොලවගෙන.....

"අනේ අම්මා..... චැහ්.... උන් එන විදියකට එයි..... මොන මඟුලක්ද මේක..... "

"යකෝ..... ඒ ළමයි කොළඹ උනත් බලපං හැදිලා වැඩිලා තියෙන හැටි ගුණ යහපත් කොමට..... බලපං ගෙනැල්ලා තියෙන බඩු කන්දරාව...... ගෙදෙට්ට එනකොට අත් දෙක වන වනා එන්ඩ බෑය කියලා......

එහෙව් කොල්ලෝ දෙන්නා මේ ගොම්මනේ අර වෙල මැද්දේ දාලා ආවේ.... සත්තු සරුපයෝ එලි බහින වෙලාව මේ.....

මොනවාහරි දෙයක් උනාට පස්සේ කියලා වැඩක් තියෙද.... අනික බං නිරෝධ.... ඒ ලමයි මොනවා හිතයිද උඹ ඔහොම කරාම....... අපේ පොඩි එකාට නෙවෙද හොඳ නැත්තේ...... පලයං ගිහින් බලපං ඉතින් කිව්වම අහලා....."

"මොන වදයක්ද අම්මා..... උන්ට එන විදියකට එන්න ඇරලා අම්මා තේ ටිකක් වක් කරන්නකෝ ....."

කුස්සියටම අල්ලලා පලයක් බාල තිබුණ කුස්සි යාලත්තේ තිබුණ ලී බංකුවේ වාඩි වුණ නිරෝධ ශර්ට් එක ගලවගෙන කටින් හුළං පිඹිමින් කමිසයෙන් පවන් ගහගන්න වුණා......

"තේ.... තේ නෙවේ මං කේතලේ උඹේ ඔලුවේ හලන්ඩ කලින් පලයං.... නිරෝධ මේ.... මං ආයේ කියන්නෑ උඹට.... නැගිටපං ....."

"චැහ්.... මොන මගුලක්ද.... වඩම්මන් එන්නම එවුන්.... අම්මා දන්නව නම් උන්ගේ හැටි ඉලපතෙන් ගහලා පන්නන්නේ......

ශැහ්... වස නෝන්ඩිය...දැන් ඉතින් ආයෙ පලයංකෝ ලැජ්ජා නැතුව කුමාරවරු දෙන්නා කැන්දන් එන්න....."

හිමි අහිමි 💙 Completed ✔Onde as histórias ganham vida. Descobre agora