❄️11☃️

943 246 111
                                    

මං යකා වගේ බෙරිහන් දුන්නා.....නෙස්ටෝරිගෙ වෙන්ඩ වයිෆ්ලට උන්ගෙ මිනිස්සු ගැන බලාගන්න කිව්වා විතරයි මං බලාගන එකියක් දෙන්නෙක් මොන මොනවදො කියව කියව යන්න ගියා...මං බලාගන උන්න...වෙන කා දිහාවත් නෙවෙ ඒ කනේ පාර ලොකුවටම වද්ද ගත්තු වෙන්ඩ වයිෆ්ලා දෙන්නා දිහා  මං දත්මිටිකාගන බලාගන උන්නා...

ඒ විතරක් නෙවෙ කැමරා කාරයො තවත් ලබ්බවල් අහන් එනකොට ඕන යටි බඩක් කියලා මං වතුර ගන්න ආව එකත් යකාට පල කියලා අරකිලා දෙන්නා පස්සෙ ගිහින් බලනකොට නෙස්ටෝරි ගෙ රූප සම්පත්තියයි....එයාට හරියන්න ඕන කෙනාගෙ රූප සම්පත්තියයි ගැන කියවපු එකීලා දෙන්නා ඉස්සරහට ආවෙ අතින් කටින් මලු දෙකක් උස්ස ගත්තු සාමාන්‍ය ඇගපත තියන විඩාබර මූනු තිබුන පිරිමි දෙන්නෙක් වෙනකොට මට උන් දෙන්නගෙ මූනු දැකලා පව් කියලා හිතුනා වගේම හිනාවක් ගියා  ....ඒ එක්කම මං මගෙ කට අස්සට මයික් එක  ඔබන්න හදපු එකීගෙන් මයික් එක උදුරගන කෙලින්ම අර කනේ පාර ඉල්ලලා වද්දගන ගියපු බිරින්දෑ වරුන්දෙන්නව පෙන්නුවා...

පේනවද.....ඔන්න........නෙස්ටෝරිගෙ වෙන්ඩ වයිෆ්ලගෙ හපන් කම.....ඉන්නෙ ෆෑන්ස්ලා කියාගන...හැබැයි කරන්නෙ ඒ මනුස්සයට කවදා හරි ගැලපෙන්නෙ තමුන් වගේ එකෙක් කියලා හිතාගන මනෝ ගහන එක.........ඇත්තටම මුන්ගෙ මිනිස්සු පව්.......මුන් ජීවත් වෙන්නෙ මනෝලෝක වල.......

තව මනුස්සයෙක්ගෙ පුද්ගලික තීරනවලට ඇගිල්ල ගහන්න කලින් තමුන් ඉන්න තැනින් එක අඩියක් හරි ගොඩට යන්න බලනවලා අයිසෙ....මං දන්නවා..මේ වෙනකොටත් මීඩියා අස්සෙ මාවත් නෙස්ටෝරිවත් හෝදහෝද මඩේ දානව ඇති .. .....

දැනටමත් මටත් එයාටත් මීම් හැදිලා ඇති....මේ වෙනකොටත් නෙස්ටෝරි ambassador උන බ්‍රෑන්ඩ් ප්‍රඩක්ට් ගන්න එක කට්ටිය නවත්තලා ඇති...සමහරු දැනටමත් එයාව සන්නාම තානාතිපති කමෙන් අයින් කරන්න කියලා ඇති....එ විතරක් නෙවෙ...මෙච්චර කල් අදහගන වගෙ උන්න රසික ප්‍රජාව නෙස්ටෝරිගෙ ආදරෙ ගැන දැනගත්ත ගමන් ගහන්න පුලුවන් මඩ හැම අතටම ගහනවා ඇති...මෙච්චර කල් ප්‍රසංසා කියපු කටින් දැන් අපවාද කරනව ඇති...

ඒ විතරක් නෙවෙ...මගෙ පරනම ඵොටො උඩ ඇද ඇද ඒවලින් හදන්න පුලුවන් නරකම මීම් හදනවා ඇති....

❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )Where stories live. Discover now