🦋Chapter 03🦋

34 4 1
                                    

මාළිගාවට ආපු වෙලාවෙ ඉදන් මං කරේ ඇස් දෙකත් ලොකු කරගෙන ගල් පිළිමයක් වගේ බලාගෙන හිටපු එක.

හත්තික්කේකේකේකේ......ඒකේ ලස්සනනනනන....අනේනේනේ.....මට නම් පිස්සු වගේ වෘක තාත්තේතේතේ...

මාළිගාව තට්ටු තුනකට හදලා තිබුනා.ඒ වගේම ඒක ඉදිරිපස උද්‍යානය වටේට යන විදියට තමා හදලා තිබුනේ.මාළිගාවේ තිබුණු ඝනකම් බිත්ති රිදී පාට ආලේප කරපු තීරු ආකාරයට තිබුනා වගේම ඒ සිත් ඇදගන්නා සුලු බිත්ති වටේටම ජනෙල් මහ ගොඩකුත් තිබුනා.මේ රිදී පාටින් වැජබෙන මාළිගාව ඉස්සරහ රන් ආලේපිත ප්‍රතිමා වලින් වටවුණු දිය උල්පතක් සහිත හරි අපූරු උද්‍යානයකුත් තිබුණා.(ඒ උද්‍යානය දැකපු මට කලන්තෙ හැදුනේ නැති ටික විතරයි.)

මුලු පළාතම එක එක විදියේ මල් වලින් වැහිලා ගිහින් තිබුනා.ඒ වගේම මට ලොකු සතුටක් දැනුනා.ඇත්තටම මට ඒ උද්‍යානය දැක්කම මාරම ආස හිතුනා.ඒක හරියට නිකම් වෙනමම ලෝකයක් වගේ.

මාළිගාවට තිබුණේ හරි විශ්මයජනක,ටිකක් අත්භූත වගේම සාඩම්බර පෙනුමක් වුණත් ඒ අතරිනුත් "ගෙදර" කියන හැගීම මාළිගාව පුරාම පැතිරිලා තිබුණා.ඇත්තටම මට මාළිගාව ගැන හුගක් ආදරේ හිතුනා.

මං හිමීට උද්‍යානය පහු කරගෙන මාළිගාව දිහාට ගියා.ඒ යන අතරමග තිබුන හැම දෙයක්ම මතක තියාගන්නත් සෑහෙන ට්‍රයි එකක් දෙන ගමන් මාළිගාව ඇතුලට පය තිබ්බා.

මාළිගාව ඇතුලේ මගේ රේඩාර් සෝනාර් ක්‍රියාත්මක කරලා ඕපයක් හොයන්න හදනකොටම කොල්ලෙක් ඇවිත් මට කතා කරා.

"හායි,මං කේශව.ඔයා මාළිගාවේ හමුදාවට අලුතෙන් බැදෙන්න ආපු කෙනෙක්ද?" ජිරාෆ් කෙනෙක් වගේ උස කොල්ලෙක් ඇවිත් මගෙන් ඇහුවා.එයා හූඩි එකෙන් හැංගිලා තියන මගේ මූණ බලාගන්න ලොකු උත්සහයක් ගත්තා.ඒත් ඉතින් ඕක අස්සේ කොණ්ඩෙනුත් වැහිලා තීයන මගේ මූණ කාටවත් පේන්නේ නෑ.මේ මෝඩ මිනිහා ඉතින් ඕක දන්නවැයි.How sad නේ?

"හායි..අහ්..ඔව් ඔව්..මං නෙවාන්." මම උත්තර දුන්නා.

"අහ්..හරි එහෙනම්...එන්න මාත් එක්ක.මං ඔයාට ඔයාගේ කාමරේ පෙන්නන්නම්." එයා එහෙම කියලා එතන තිබුණ පඩිපෙල නැගලා උඩ තට්ටුවට යන්න පටන් ගත්තා.

- කොළ පාට ඇස් - (Onhold)Donde viven las historias. Descúbrelo ahora