හැට එක්වන හිමිවීම 💙

911 174 60
                                    

"සනුත්.... ඒ බං දැක්කද.... කිරි ටොයියා වගේ ඩෑල් එකක් ක්ලාස් එකට බැහැලාලු......... අළුත් සර් කෙනෙක්ද දන්නෑ..... කෙල්ලෝ ඔක්කෝගෙම කතාව මෑන්ස් ගැන....."

සඳුදා දවසක උදේම ඔරස් එකේ උඩ තට්ටුවට පඩිපෙළ නගිමින් හිටපු සනුත්ගේ මග හරස් කරමින් ඉස්සරහට පැනපු කවීජා ඇහුවා......

උසස් පෙළෙන් පස්සේ සනුත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට නොදා මඟ ඇරලා හිටියත්...... මනුල්මි හරහා සනුත්ගේ ඒ මෝඩ තීරණය දැන ගත්ත නිරෝධ පිට පුපුරන්න පාරවල් දෙකකුත් දීලම කැම්පස් පොත පුරවලා සනුත් ලව්වම තැපැල් කළා.....
තවමත් ඉඳහිට මනුල්මි දුරකතනයෙන් කතා කරද්දි සනුත් ඔය වගේ පරණ කේලම් කියපු කතන්දරත් ඇදගෙන බැණලා , මනුල්මිගේ තරහා අවුස්සන්නෙත් ඒ කාපු පාරවල් දෙක මතක් වුණාම තමයි.......

ඊටත් පස්සේ නිකරුණේ ගත වෙන කාලය නාස්ති වෙන්න නොදී ඉංග්‍රීසි සහ පරිඝණක පාඨමාලාවකට බලෙන්ම වගේ  සනුත්ව තල්ලු කරල යැව්වෙත් නිරෝධමයි.......

දිනපතා පැවැත්වෙන පාඨමාලාවට සම්බන්ධ වෙලා සතියක් විතර ගත වෙනකොට සනුත්ට තරමක මිතුරු මිතුරියන් කීප දෙනෙක් එකතු වුණා....... කවීජා, ඉඳුවර, නිහාරා, කළිඟු සහ සනුත් ඇතුළුව මේ පස් දෙනාගේ කණ්ඩායම පන්තිය ඇතුළතදි වගේම අධ්‍යාපන ආයතනය ඇතුළෙත් නිතරඟයෙන් අනිත් අයගෙන් කැපී පෙණුනේ හැඩ වගේම වැඩත් ඇති කණ්ඩායමක් විදියට.......

ඉස්සර හිටපු සනුත් යුහංස නම් ජීවිතේට යාළුවෙක් හදාගන්න අඩියක් තියන්නේ නැති වුණත්.... කාටදෝ පිං සිද්ධ වෙන්න දැන් නම් තරමක් සමාජ ශීලී වෙන්න සනුත්ට පුළුවන් වුණත්..... තවමත් සියයට සීයක්ම අර රාමුවෙන් එළියට ඇවිත් කියන්න නම් බෑ......

"දන්නෑ බං.... මං දැක්ක ටොයියෙක් වත් බයියෙක්වත් නෑ....."

එහෙම කියමින් අතේ තිබුණ ක්ලියර් බෑග් එක තමන්ගේ මේසය උඩින් තියපු සනුත් වාඩිවෙලා බලාගෙන හිටියේ තමන්ගේ නඩයේ අනික් තුන් දෙනා එනකම්.......

"සර් ආවාම මට කතා කරපං කවී....."

තවත් හෝරා කාලක් විතර ගෙවුණ තැන සුපුරුදු පරිදි පැමිණීමේ සටහන් ලකුණු කරන්න තරුණයෙක් එක එක ශිෂ්‍යයා ළඟට කිට්ටු වෙන හැටි සනුත්ට පෙනුණේ ළාවට ඇස් පියන් පියවෙද්දි.......

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now