හැට හතරවන හිමිවීම 💙

1.1K 204 62
                                    

මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ ඔබ මුතුලැල් වටී

මගෙ සිහිනේ ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි

මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!!
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!!

නෙළුමක් නෙළුමක් අරං......

නිකිත් හිටියේ මුළු ලෝකෙම දිනපු ගාණට...... සිංදුවක් මුමුණමින් බෝඩිම් කාමරයේ දොර විවර කරගත්ත නිකිත් කාමරයේ තිබුණ පටු ඉඩකඩේ මවාගත් කෙනෙක් එක්ක යුගල නර්තනයක නිරත වුණා......

වැව දිහාට විවර වෙන ජනේලයේ ජනෙල් පඩිය උඩ තිබුණ පොඩි මල් පෝච්චියේ තිබුණ කහ පාට මල් පිරුණු කපුරු පැලේ ළඟට ගිය නිකිත් අළුතෙන් ගෙනාව සාමාජිකයව පරිස්සමට එතැනින් තැන්පත් කලා.... 

රතු පාට කපුරු පැළයක්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

රතු පාට කපුරු පැළයක්......

ඔව්..... කහ පාට ක්‍රිසැන්තිමම් (කපුරු) මල් වලින් කියන්නේ නොසලකා හරින ආදරයක් ගැනලු......

එතකොට රතු පාට...... රතු පාට ක්‍රිසැන්තිමම් මල් දෙන එකෙන් හඟවන්නේ අනෙකා කෙරෙහි ඇති ආදරය සහ දැඩි ආශක්ත බවයි......

ඉතින් අද සිද්ධ වුණ කතා බහෙන් පස්සේ කහ පාට ක්‍රිසැන්තිමම් මල් දෙන එක නවත්තලා ඒ වෙනුවට රතු පාට ක්‍රිසැන්තිමම් මලක් දෙන්න නිකිත් තීරණය කළා..... ඒ නිසාමයි ආපහු එන ගමනේදි පැළ තවානකින් රතු පාට කපුරු පැළයක් මිලදී ගෙන ආවේ.......

හිමි අහිමි 💙 Completed ✔Opowieści tętniące życiem. Odkryj je teraz