10 🥀

138 18 4
                                    

~~~

හරියටම අවුරුදු පහකින් එයාගෙ කටහඬ ඇහුනෙ...ඒ කටහඬ දැන් හරිටම මගෙ තිසරගෙ කටහඬ වගේමයි....ඒ වගේ වෙන්න එපැයි.....අයියගෙම මල්ලිනෙ....මට ඔයා නැතුව ගොඩක් පාලුයි තිසර.....ඔන්න ඔයාගෙ චූටි මල්ලි දැන් ඔයාගෙ හීනෙ දිගේ යනවා....ඔයාට සතුටුයි නේද......මන් දන්නව ඔයා කොහේහරි තැනක ඉදගෙන අපි හැමෝම දිහා බලාගෙන ඇති කියල....මන් ඔයාගෙ අන්තිම කැමැත්තෙ තියන හැම ඉල්ලීමක්ම ඉෂ්ට කරා පන......ඒත්.....එක දෙයක් කරන්න බැරිවෙයි.....ඒක සදහටම එහෙමයි.....මට ඔයා තරම් හොඳ කෙනෙක්.....කවදාවත් හොයාගන්න තියා හිතන්නවත් බෑ මැණික..මන් තීරණය කළා හැමදාම ඔයාගෙ මතක එක්ක ජීවත් වෙන්න.....ඔයාගෙ ඒ ඉල්ලීම අහක දාන්න උනාට මට සමාවෙන්න......

මම මගෙ තිසරගෙ ෆොටෝ එකක් දිහා බලාගෙන එහෙම හිතද්දි මගෙ ඇස්වලින් කඳුලු බේරෙනව කියල මට දැනුනා...ඒත් මම කාටත් නොපෙන්න ඒවා පිහිදගත්තෙ කවුරුවත් මගෙ කඳුලු දකිනවට මම පොඩ්ඩක්වත් කැමති නැති නිසා.....

~~~~~~

මේ කොස් ඇට මීයනම්.....බැලුවොත් මේකා ඔන්ලයින්...පාඩමක් කරන්නෙ නැද්ද මන්දා.....ඕකම තමා මුට මෙච්චර ලකුණු අඩුවෙන්නත් හේතුව....මන් දන්නෑ මන් එහෙම එකක් එබුවෙ ඇයි කියල ඇත්තටම මට එබුනා..මන් කට් කරන්න හැදුවත් එහා පැත්තෙන් ඒ කටහඬ ඇහුණ නිසා මට හිතුණා මන් පරක්කු වැඩියි කියල....

" හෙලෝ......"

" පාඩම් කරන්නැද්ද.....බැලුවොත් ඔන්ලයින්...."

මන් එයාගෙන් එහෙම ඇහුවත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ.....ඒත් ටිකකින්....

" කරා....දැන් ඉතින් නිකමට ෆෝන් එක ගත්තෙ...."

"ඒ කියන්නෙ ඔයා නිකමට ෆෝන් එක ගන්න හැමවෙලාවෙම මමත් ෆෝන් එක බලන්නෙ නේහ්..."

" ඒකනෙ....ආන්න අයියට ඒක හොඳට තේරුණා..."

" නෙතූෂ්....මගෙන් මුකුත් අහගන්න එපා....කිව්වම අහල ෆෝන් එක තියල ගිහින් පාඩම් කරනවා..."

" මට බෑ..."

" ඇයි බැරි ...."

" මට ඔහොම නිතරම අණ දෙන්න ඔයා කවුද...."

එයා අහපු දේට මට කට උත්තර නැති වුනා...ඇත්තටම එයා මගෙ කවුද....මන් දන්නෙත් නෑ...එහෙනම් ඇයි නිතරම එයාගැන වදවෙන්නෙ...ආයිශ්....මට පිස්සු වගේ....

~අනුරාගික සිත්~ || BL || NonficWhere stories live. Discover now