මම බොහොම අමාරුවෙන් මගෙ ඉකිය පාලනේ කරන් එතන හිටියෙ...මන් බොරුවට මගෙ ඇඟට හරි නෑ කියල අයියව රවට්ටගෙන ඉක්මනට ගෙදර ගියේ එතන තවත් හිටියොත් මට ඇඬෙන නිසා...
~~
මන් නෙතූෂ්ට මාස හයක් මගෙ හිතේ හිරකරගෙන හිටිය හැඟීම කිව්වා...ඒ ඇස් මට කිව්වෙම මාත් ඔයාට ආදරෙයි කියලමයි.....ඒත් අද එයාම මාව ප්‍රතික්ෂේප කළා...හැමදාම වගේ මට අදත් හිතුණෙ ඒකමයි....එදත් අදත් හෙටත් මන් වැඩකට නැති මිනිහෙක් විතරයි....
~~~
මම කාමරේට ගිහින් හයියෙන් ඇඬුවා...මට ඇතිවෙනකම් ඇඬුවා...මගෙ ඇඬුම මේ ගෙදර අනිත් මිනිස්සුන්ට ඇහෙනවද කියල මට ගානක් නෑ..ආච්චි අම්මා ගමේ ගිහින් නිසා මන් දන්නව මන් අඬන එක ඇහුනත් ඇහෙන්නෙ අයියට විතරයි කියල...මන් හිතුව හරි...එයා ඇවිත් මගෙ දොරට තට්ටු කරනවා...දොර වහලා නෑ කියල තේරුණ හින්දමද කොහෙද...එයා ඇතුළට ආවා....මන් එයාව දැක්කෙ නෑ වගේ අනිත් පැත්ත හැරුණෙ ජීවිතේ මෙච්චර ලස්සන දවසක් මන් නැති කරගත්තෙ එයා නිසා හින්දා...හරියට මගෙ කතාවෙ දුෂ්ටයා එයා කියලයි මට හිතුණෙ...ඒත් එයා වෙනද වගේම ආදරෙන් මගෙ ඔලුව අතගාලා මොකක්ද ප්‍රශ්නෙ පොඩ්ඩො කියල අහද්දි මට හයියෙන්ම ඇඬුනා...
" අනේ ඇයි පොඩ්ඩො මේ...."
මන් දන්නව මට දැනුණා අයියා කලබල වෙලා කියල...බැරිම තැන මම සේරම අයියට කිවුවෙ අඬ අඬා...
" ම් මට ඕන උනේ න්-නැහැ ඔයාලා අත..ර තුන්වෙනියෙක් වෙ-න්න ඒකයි ම් මම..."
" දෙයියනේ ඔයාට පිස්සුද පොඩ්ඩො...තේජාන් කියන්නෙ ඔයා වගේම මට මගෙම මල්ලි....ඔයා මොනාද හිතුවෙ දෙයියනේ....කොහොමද අපි ගැන එහෙම හිතුවෙ....."
අයියා එහෙම කියද්දි මට මැවිලා පෙනුණෙ අර වෙලාවෙ තේජාන් අයියගෙ මූන....ඒ මූන මතක් වෙද්දි මට තව ඇඬුනත් මගෙ හිතේ තියන දේවල් හැම එකක්ම මම අයියගෙන් ඇහුවෙ මට ඒ දේවල් හැම එකක්ම එකින් එක දැනගන්න ඕන නිසා...
" එ එතකොට ඔයාලා කොහොමද එච්චර කාලය්ස්ක් තිස්සෙ අඳුරන්නෙ...ඔයාලා ඇයි නිතරම මාව යවලා එක එක ඒවා කතා කරන්නෙ...ඔයාලා ඇයි මන් ආවම හැමදාම කතාව අනිත් පැත්තට මාරු කරන්නෙ...ඇයි ඒ..."
YOU ARE READING
~අනුරාගික සිත්~ || BL || Nonfic
Non-Fiction" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...