Ding Dong - 6 💀

51 8 0
                                    

#6

ඒත් අපි දැක්කෙ ඒ කාමරේ ජනෙල් වීදුරුව පුපුරලා තියනවා...ඒ වගේම ජනෙල් පියන් හුළඟටද මන්දා එකිනෙක වැදෙන නිසා මහ හයියෙන් ඒ සද්දෙ අපිට ඇහුණා...

" ආ....ඒනම් මේ සද්දෙ අපිට ඇහිලා තියෙන්නෙ..."

" බුදු අම්මෝ.....අකුණක්වත් ගහලද මේ වීදුරුව කැඩිලා තියෙන්නෙ.."

" ඔව් වෙන්න ඇති...."

හියොන්ලා ටිකයි ජිමිනයි එක එක ඒවා කතා කරද්දි මගෙ ඔලුවට ආවෙ මගෙ හබී අතුරුදහන් වෙලා නේද කියල....ඔක්කොටම ක්ස්ලින් මන් එයාව හොයාගන්න ඕන....
මන් එහෙම හිතලා හියොන්ලත් අතන ඉද්දි පහළට දුවගෙන ගියේ ෆෝන් එකේ ටෝච් එළියෙන්.....මන් හැමතැනම බැලුවත් මගෙ ටේ ඒ කොහෙවත් හිටියෙ නෑ....

" අ අනේ....හබී...මට බයයි මැණික....එන්නකො..."

මන් බයටම ඇස්වල ක‍ඳුළු තියාගෙන එහෙම මුමුණද්දි මට දැනුණෙ හුරුපුරුදු ස්පර්ශයක්.....ඔව්....පිටිපස්ස හැරෙන්නෙ නැතුව පව මට ඒ ස්පර්ශය කාගෙද කියන එක ගෙස් කරන්න පුළුවන්.....ඔව්....ඒ මගේ ටේහ්‍යුන්ග්....මගෙ හබී.....මන් පිටිපස්සට හැරෙද්දිම වගේ ලයිට්ස් ආවා....ඒ වගේම මගෙ ටේ එකපාරටම මාව හග් කළා...ඇයි හබී මේ..

" ඔයා හොඳින් නේද කූ...."

මන් ඔයාගෙන් අහන්න ඕන එක ඇයි ඔයා මගෙන් අහන්නෙ ටේ...ඒත් එයා කලබලෙන් වගේ කියල තේරුණ නිසා මන් එයාගෙ මූණ මගෙ අත් අතරට අරගෙන...

" මන් හොඳින් හබී....මේ බලන්න.....ඔයාගෙ කූ හොඳින්..."

" හ්ම්ම්..."

හබී මගෙන් ටික ටික ඈත් වෙලා මගෙ හතරවටේ ඇස් යැවුව හරි කලබලෙන්....ඒත් ඇයි මේ...මොකක්ද මෙයාට මේ වෙලා තියෙන්නෙ.."

" හබී...මේ බලන්න මැණික..."

මන් ඊටපස්සෙ හබීගෙ අත් දෙකෙන් අල්ලගෙන කතා කරන්න ගත්තා...

" කියන්න හබී....ඇයි මේ....ඇයි ඔයා ඔච්චර කලබල වෙලා ඉන්නෙ.."

" නැහැ කූ....මේ දවස්වල මට එක එක මනස්ගාත පේනවා...ඒක අමතක කරල දාන්න...කෝ හියොන්ලා...ජිමින්...."

" අපි මෙහෙ...."

ටේ එහෙම අහද්දිම වගේ උඩ හිටිය කට්ටිය අපි ඉන්න දිහාවට ආවා...හපොයි....මන් මෙයාලව එතන තියලනෙ පහළට ඇවිත් තියෙන්නෙ....

Ding Dong || COMPLETED || ( Horror ) ✔️Where stories live. Discover now