SLOW UPDATES !! "දන්නවද දෙයක්.. " "නෑ දන්නෑ... ඇයි... ඇයි නොදන්න බව දැන දැනම එහෙම අහන්නේ.. ඔයත් දන්නවා මන් නොදන්න බව.. ඇයි ඉතින් දන්නවද කියලම අහන්නේ... ඇස් කතා කරනවා තමයි.. ඔව් ඒක ඇත්ත.. ඒත් ඒක මට ඇහෙන්නේ නැත්තන්.. මැරෙනවද කට ඇරලා ඕක ටිකක් හයියෙන් කිව්වනම්... උඹ මහ පිස්සු යකෙක් නුරාධ අයියේ !!" මන් කෑගහලම එහෙම කිව්වාම නුරාධ අයියා කෙටියෙන් හිනාවුණා.. ටියුන් කර කර හිටපු ගිටාර් එක පැත්තකින් තියලා එයාගේ කොකෝවා පාට ඇස්වලින් මගේ ඇස් හරි තදට අල්ලගත්තා.. "නෑ කිව්වට ඔය දන්නේ.." ඉතින් එච්චරයි.. හැමදාම ඔතනින් නුරාධ අයියා ඒ කතාව නැවැත්තුවා.. එයයි එයාගේ වචනයි.. එයාගේ කතායි එයාගේ හිනාවයි හැමදේම හරියට මෙරු තටු වගේ.. ඌ මෙරුවෙක්.. නුරාධ කියන්නේ මෝඩ මෙරුවෙක් !! | නාඩි | යස්වි :) ▫️️231001 ▫️️?