සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀

Start from the beginning
                                    

"ජන්කුක් "

මට මොකුත් ම කියන්න නොදී මගේ අතින් අල්ලලා මාව එයාගේ පිටි පස්සෙන් තියා ගත්ත ජන්කුක් මගේ දරුවගේ අප්පා එයා කියන කොට මං කෙරුවේ ඔහේ බලාගෙන ඉන්න එක.......

" මං ජන්කුක් Jk shiping group එකේ ඕනර් "

හොදටම දොස් කියපු අප්පා කිව්වේ සතියක් ඇතුලත මැරි කරන්න කියලා හැමෝම ජන්කුක් කියපු දේ පිලිගත්තත් ටේයොන් ට බොරු කරන්න මට බැරි වුනා, ඉතින් වුන හැමදේම මං ටේයෝන්ට කිව්වා, වෙලාවට අනුව මං ගත්තේ හරිම තීරනය කියල ටේයොනුත් පිලිගත්ත.

ඒත් ජන්කුක් ගේ ජීවිතේ නාස්ති වෙනවට මං කැමති වුනේ නෑ ,,

"ජන්කුක් මේ වෙන්නේ හොද දෙයක් නෙවෙයි "

"මේ අහන්න කියාරා මැරේජ් ලයිෆ් එකක් ගෙවන්න මගේ අදහසක් නෑ,ඔයා නොදන්නවා වුනාට මං ජිමින් එක්ක කැනඩා ගියේ මගේ හිත හදාගන්න මිඩ්ල් ස්කූල් එකේ ඉදලම මං ආදරේ කරපු මගේ girl friend accident එකකින් නැති වුනාට පස්සේ.."

"ජන්කුක් 🥺"

"ඔව් කියාරා මැරේජ් එකෙන් පස්සේ අපි කැනඩා යමු, මං ඔයා එක්ක ආවේ හැමදේම දැනගෙන, මං උදව් කරන්නම් කියාරා අපි හොදම යාළුවෝ නේද"

"ජන්කුක් ඒත් "

"මේ අහන්න එයා හැමදාටම ජිමින් ගේ පුතා ඔයත් හැමදාටම ජිමින් ගේ විතරයි, මං මෙයාට අප්පා විතරක් වෙන්නම් කියාරා, කවදහරි අපේ ජිමිනි ඔයාලව හොයාගෙන ආවොත් මං පොරොන්දු වෙනවා ඔයාලා දෙන්නව එයාට දීලා මං අයින් වෙනවා "

ඇස් වලින් කදුලු කඩා වැටෙන කොට මගේ කම්මුල් දෙකට අත් දෙක තියලා මගේ මූනටම එබිලා ජන්කුක් එහෙම කිව්වත් මට දැනුනේ වරදකාරී හැඟීමක්, ඒනිසාමයි මං,,

"ජන්කුක් ඒත් ඔයාටත් හීන තියනවා මං නිසා ඒ හැමදේම නැති වෙලා යයි "

"මගේ හීන ඔක්කොම නැති වෙලා ගියේ ගොඩක් දවසකට කලින් කියාරා, අපි ආදරේ කරන අය අපිව දාලා ගියත් අපිට යන්න වෙලාව එනකම් අපි ජීවත් වෙන්න ඕන ඒක තමයි ජීවිතේ කියන්නෙ "

"ඒත් ඒත් බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න පුලුවන්ද ජන්කුක් "

"දැන් බලාපොරොත්තුවක් තියනවා කවදහරි ජිමින් ඔය දෙන්නා ලගට ආවොත් එයාට ඔයාලව දිලා මං ලෝකේ වටේ ඇවිදින්න යනවා "

You've reached the end of published parts.

⏰ Last updated: Sep 05, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)Where stories live. Discover now