" Jungkook-aah!!! "

" Aaahh!! "

" තමුසේ කොහෙද ඕයි බලගෙන ඉන්නේ?? මම දැන් කොච්චර වෙලා ඉඳලද මෙතන ඉන්නේ?? "

" මම මේ පොඩි වැඩක් කර කර හිටියේ..... "

" අනේ උබේ පොඩි වැඩේ!! තමුසෙට දැන් කෙල්ලෝ කීයක් විතර ඉන්නවද?? Club එකට ගියත් එතනත් කෙල්ලෝ... ඉස්කෝලේ ආවත් මෙතනත් කෙල්ලෝ... උබව හදන්න බැහැ ජේකේ.... "

" යා.... Jimin hyung දැන් ඔය දේශනා පැවැත්තුවා ඇති.... "

" උබට මේවා ඉතින් දේශනා.... උබට ඇත්තටම පිස්සු යකෝ... "

" මේ Hyung යන්නෙ නැද්ද class එකට?? "

" යනවා තමා!! "

Jimin Jungkook ටත් පොඩ්ඩක් රවලා එතනින් ගියා.

_Time passed_

Jungkook බයික් එකට නැගලා ගෙදර යන්න පිටත් වුනා.

"අහ් අර උදේ yoo-junගේ ඇදුම කෑව කෙනා..... මොනා වුනත් ලස්සන කෙල්ල..... wow!!! ඔය තියෙන්නේ වැඩක්..... "

JK එහෙම හිතලා කෙල්ල ලගින් bicycle එක ගෙනිච්චා. Bicycle එකට බය වුන කෙල්ල එහා පැත්තේ තිබුන මඩ වලට වැටුනේ මුලු ඇගම මඩ වලින් නාව ගන්න ගමන්.

"යා.... තමුසෙට පාර බලාගෙන යන්න බැයිද??"

කෙල්ල මඩ වලේ ඉදන්ම කෑ ගැහුවේ ආපු කේන්තියටමයි. JK ටිකක් ඉස්සරහට ගිහින් Bicycle එක නවත්තලා කෙල්ලගේ පැත්තට ආවා.

"Oops... ඔයාට පාර බලාගෙන යන්න බැයිද මේ මඩ වලවල් වලට වැටෙන්නේ...."

"තමුසේනේ තමුසෙගේ bicycle එක මගේ ඇගට ඇල්ලුවේ...."

"ආආ.... දැන් තමුසෙට ඇවිදින්න බැරි එක මගේ පිටින් යවන්නද හදන්නේ???"

JK එහෙම කියලා සම්පූර්ණ මූනම cover වෙන්න දාගෙන හිටපු helmet එක ගැලෙව්වා. Yoona ගේ ඇස් නිකන්ම ලොකු වුනේ කොල්ලාගෙ ලස්සන දැකලා. හැබැයි කෙල්ලට කොල්ලා ගැන කවදාවත් ආදරයක් ඇති වුනේ නෑ. කෙල්ලගේ හිතේ තිබුනේ කොල්ලා ගැන ලොකු අප්පිරියාවක්.

"තමුසේ.... තමුසේට මොනාද වෙලා තියෙන්නේ??"

කෙල්ල කොල්ලාව දැකලා ආපු කේන්තියටම හයියෙන් කෑ ගැහුවා.

Loving The Playboy (Completed)Where stories live. Discover now