හැමදේම එකින් එක සිහියට නැගෙනකොට ටේහ්‍යුන්ග්ගෙ තොල් ඉබේටම විවර උනත්, එක වචනයක්වත් පිටවෙන්නෙ නැති වෙනකොට, ටේහ්‍යුන්ග් එහෙමම බලාගෙන හිටියා...

"ඔයාගෙ... ඔයාගෙ පස්සෙන් ආවා ? මම ? හහ් ! මං මොකටද ඔයාගෙ පස්සෙන් එන්නේ ?"

"මං අහන්නෙත් ඒක තමයි.. ඔයා මොකටද මගෙ පස්සෙන් ආවෙ ?"
ටේහ්‍යුන්ග් ඇහුව දේම අනිත් පැත්තට ආයෙමත් ටේහ්‍යුන්ග්ගෙන්ම ඇහුව ජන්කූක්, උත්තරයක් ලැබෙනකන් බලාගෙන ඉන්න අතරේ, කියන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරි උන ටේහ්‍යුන්ග් නිහඬවම ජන්කූක් දිහාම බලාගෙන හිටියා...

"මං කිව්වනෙ මං ඔයාගෙ පස්සෙන් ආවෙ නෑ !"
ටේහ්‍යුන්ග් ටිකක් උස් හඬින් කිව්වා..

එකපාරටම හිතට නැගුන දෙයක් එක්ක තමන්ගෙ බෑග් එක කොහෙද කියලා කලබලෙන්ම හොයන්න ගත්ත ටේහ්‍යුන්ග්, එය ටිකක් එහායින් තියෙන මේසයක් මත තියෙන බව දැක්කත්, ජන්කූක් ඒ අසලම හිටිය නිසා එය තමන් ලඟට ගන්න උවමනා උනත්, ඒ අසලට යන්න ටේහ්‍යුන්ග් බිය උනා...

ටේහ්‍යුන්ග්ගෙ ඇස් තමන්ට ටිකක් එහායින් තියෙන බෑගය දිහාවටම එල්ල වෙලා තියෙන බව දැක්ක ජන්කූක්, ඒ සැනින් එය තමන් අතට ගත්තා...
"ඒයි ! ඒක මගේ !!"  ටේහ්‍යුන්ග් කෑ ගහලා කිව්වා..

"ඇයි ඔයා අගනුවර ඉන්නේ ? ඔයා ඔයාගෙ තාත්තා එක්ක පුහුණු කඳවුරේ නෙමෙයිද ඉන්න ඕන ?"
ජන්කූක්ගෙ වචනවලට කිසිම අවධානයක් නොදුන් ටේහ්‍යුන්ග්, තමන්ගෙ හිත ඇතුලින් තමන් එක්කම සටන් කරන ගමන් ඒ අසලට යන්න ධෛර්යය එකතු කරගන්න උනා...

එහෙමම ජන්කූක් අසලට ගිය ටේහ්‍යුන්ග්, තමන්ගෙ බෑගය ගන්න උත්සාහ කරා.. ඔවුන් දෙදෙනම එකම උස මට්ටමේ බව පේන්න තිබුනත්, ජන්කූක් බෑගයත් එක්කම අත ඉහලට කර අල්ලගෙන හිටිය නිසා, ඒ වෙත ලඟා වීම පවා ටේහ්‍යුන්ග්ට අපහසු දෙයක් උනා...

"ඔයා ඔයාගෙ පුහුණුවීම් මග හරිනවද මිස්ටර් කිම් ?"

"අනිවාර්යෙන්ම නෑ ! මට මගේ බෑග් එක ආපහු දෙන්න !"
ටේහ්‍යුන්ග් නැවත නැවතත් උත්සාහ කරත් ජන්කූක් දිගටම එය ඉහලට කර අල්ලගෙන සිටි නිසා ඒ හැම වතාවකම ටේහ්‍යුන්ග් අසමත් උනා..

Since 1894  ||  Taekook  [ ONGOING ]Where stories live. Discover now