ජන්ග් මීට බනින්නත් බැරි නිසා මම දුවලා ගිහින් ගෙදර තිබුන ඒ වගේම බ්‍රශ් එකක් ගෙනත් දුන්නා එයාට.. මේ කෙල්ල තව මොනා කරලද මන්දා..
.
.

Few minutes later--------------------

-" දොයියගමු 😴😴😴 "

-" ම්ම් යන් යන්.. එන්න..."

මම ජන්ග්මීව කාමරේට එක්කන් ගිහින් එයා නින්ද යනකන් ඔලුව අතගෑවා.. දැන් ජන්ග් මී නිදාගන්නේ මං එක්ක.. මම පුදුම ඉවසීමකින් ඉන්නේ මේ කෙල්ල එක්ක නම්.. ඒත් දැන් එයා ඉස්සර වගේ මුරණ්ඩු නෑ... මම කියන දේ අහනවා.. එයාට තේරුමක් නෑ එයා කරන දේවල්... මට බය කවදාහරි දවසක මාව දාලා යයිද කියලා.. ඔයා එහෙම කරන්නේ නෑ නේද ජන්ග් මී?

ඒත් මට පුලුවන් ඔයා හොඳ වෙනකන් බලන් ඉන්න හරිද? ජිවිත කාලෙම හරි... එක දවසක් හරි අපි දෙන්නා සතුටෙන් ඉමු.. කුමාවෝ ජන්ග්මී මගේ ජිවිතේට ආවට.. මම ඔයාට හොඳ වෙන්න උදව් කරන්නම්... මොකද මං ඔයාගේ හීලර්...

මමත් ජන්ග් මී ලඟින් හාන්සී වෙලා ඒ රොස පාර පිරුනු කොපුලකට පුංචි හාදුවක් තියලා ඇස් පියාගත්තා.. ජන්ග්මීට දැන් මගේ උණුහුම හුරුයි.. එයා දඟලන්නෙ නෑ.. හා පැටියෙක් වගේ ඔහේ ගුලි වෙලා නිදි..
.
.
.
.
.
.

Two months later

-" ආ නංගි... "

-" හලෝ ජිමින් ඔප්පේ...!"

උදෙන්ම මම ජන්ග්මීවත් එක්කන් හොස්පිටල් එකට ගියේ අද මම දවසෙම හොස්පිටල් එකේ නිසා.. ඇරත් හවස් වෙලා ජන්ග්මීට චැනල් එකක් තියෙන එකේ මං ලඟින් ජන්ග්මීව තියාගන්න මම හිතුවා..

-" ජන්ග් මී යන්ද ඇතුලට? "

මම අහද්දි කෙල්ල ඔලුව වැනුවා... ජන්ග් මීට දැන් මෙහේ හුරුයි..මොකද මම ට්‍රීට්මන්ට් වලට එක්කන් එනවනේ... ඒත් මේ එයා දවසක්ම ඉන්න පලවෙනි වතාව...

අනිත් දවස් වලට එයාට දවසෙම වගේ ට්‍රීට්මන්ට් නෑ ..ට්‍රීට්මන්ට් නැති දාට එයා තනියෙන් ගෙදර ඉන්න හුරු වෙලා.. එයාගෙ බලු පැටියත් ඉන්න නිසා තනි නෑ... ඒත් ජිමින්ගේ යෝජා චින්ගු එයාව බලාගන්නවා මම නැති වෙලාවට..

දේ දේ දැන් මිනිහත් පවුල් වෙන්න ලගයි 😂 අපි තුන්දෙනා එක්කම ලිෆ්ට් එක ඇතුලට ගියාට පස්සේ ජිමින් ආයෙම මගේ පස්සට එකක් ගැහුවා..

𝐓𝐇𝐄 𝐇𝐄𝐀𝐋𝐄𝐑 || JJK ✔️Where stories live. Discover now