"සර් ජන්ග්කුක් වෙන්න ඇති. මට චීෆ් යුංගි කිව්වා සර්ට පරීක්ශන වලට උදව් කරන්න කියලා."
ජන්ග්කුක් අනිත් නිළධාරියා එක්ක නිවස පරික්ශා කරන්නට යෙදුනා. මයිකල් නිවසේ ජීවත් වෙලා තිබුනේ තනිවම බවත්, ඔහු බොහෝ අවස්ථාවල නිවසට පැමිණ ඇත්තේ වෙරි මතින් බවත් අසල්වැසියන්ගෙන් ජන්ග්කුක්ට දැනගන්න ලැබුනා. අසල්වැසියන් වුනත් මයිකල් සමඟ වැඩි ගණුදෙනුවක් නොකල අය වුනේ මයිකල්ගේ ස්වභාවය හොදින්ම දන්නා නිසයි. මයිකල්ගේ නිවස සුඛෝපභෝගී එකක් වූ අතර බොහෝ වෙලාවට පාතාළ කල්ලි සාමාජිකයන් එහි ගැවසුනු බව ද ජන්ග්කුක්ට දැනගන්නට ලැබුණා. නමුත් මයිකල්ගේ මරණයෙන් පසු ඔහුගේ ගෝල බාලයන් අතුරුදන් වී තිබුනා.
"සර් මේ දෙවෙනි මරණ පරීක්ශන වාර්තාව. මේකේ හැටියට නම් මයිකල් මැරෙන්න පැය එක හමාරකට කලින් නාලා තියනවා. ඊට පස්සේ එයා රෑ කෑම අරගෙන. කෑම එක විස වෙලා තමයි මේ මරණේ වෙලා තියන්නේ කියලා මරණ පරීක්ශනේ නිගමනේ කරන්නේ. ඒත්..."
පොලිස් නිළධාරියා කියන්න ගිය කතාව නැවැත්තුවා.
"ඒත්...??"
"නෑ සර් අපි කෑම කොටස් රස පරීක්ශකට යැව්වා. ඒත් ඒ කෑම වල කිසි වැරැද්දක් නෑ. මයිකල් ගොඩක් දවස් වලට එකම තැනකින් තමයි කෑම ගන්නේ. එදත් අරන් තියන්නේ පුරුදු තැනින්ම තමයි. කලින් මරණ පරීක්ශනේ කිව්වා වගේ මිනිහට ඇලජික් මුකුත් තිබිලත් නෑ."
ජන්ග්කුක්ට දැනුනේ තමාව තව තවත් පැටලෙන සෙයක්.
"අපිට එහෙම හරියටම කියන්න බෑනේ. සමහර විට මිනිහා ගත්ත මොකක් හරි බෙහෙතක්, ඇල්කොහොල් ජාතියක් කෑම එක්ක විස උනාද කියන්න බෑ. "
YOU ARE READING
Clematis Garden
Fanfictionකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...
15th chapter
Start from the beginning