-end-🌼

619 173 74
                                    

After 2 months at jins pov

අද ටේගෙ වෙඩින් එක....

මට දුක නෑ...

මොකද ජීසෝ කියන්නෙ මම දැකපු අහිංසකම ගෑනු ලමයා... ටෙහියෝන්ව එයා හොදට බලාගනී... මට ඒක විශ්වාසයි...

"ඔයාට යන්න ඕන කියලා හොදටම විශ්වාසයි ද හියෝන්...?"

ජිමින් ඇහුවෙ දහවෙනි වතාවට...

"ඔව් ජිමිනි... මම යන්නම ඕන... මන් ආසාවෙන් හිටියා කවදාහරි ටේටෙගෙ වෙඩින් එක බලන්න..."

මන් කිව්වෙ හිනා වෙලා... ඒත් ජිමින්වත් නම්ජූන් වත් හිනා උනේ නෑ...

මම හොදින්... එයාලා විශ්වාස කලත් නැතත්...

"මට අනුකම්පා කරලා ඉවර නම් අපි යමු..."

තවත් හිටියොත් පරක්කු වෙන නිසා මම එහෙම කිව්වා...
.
.


.
.
.
.
.
.

"ඔය දෙන්නා බදින්නැද්ද ජූන්...?"

කාර් එකේ යනගමන් මන් ඇහුවා...

ජිමින් රතු වෙද්දි ඒකට උත්තර දුන්නෙ නම්ජූන්...

"ඔයා දන්නවා හේතුව ජිනී..."

මම නිරුත්තර උනා... ජූන් කිව්වා මම මැරි කරනකම් එයා ආයෙ මැරි කරන්නෑ කියලා... එයා හිතන්නෙ මන් එයාගෙ වගකීමක් කියලා...

"ඒක අමතක කරන්න ජූන්... මම මැරි කරන්නෑ... නෙවර්... ඔයාලට ජීවිත කාලෙම බලන් ඉන්න වෙයි.."

මන් එහෙම කියලා ජනේලෙන් එලිය බලාගත්තෙ ජූන්ගෙ බැල්මෙන් බේරෙන්න ඕන නිසා... චර්ච් එකට එනකම්ම අපි අතරෙ ආයෙ කතාවක් ඇති උනේ නෑ...

වාහනෙන් බැස්ස ගමන් ජිමින් ඇවිල්ලා මගෙ අතින් අල්ලගත්තා... ජූන් ප්‍රින්සස් ගෙ අතින් අල්ලන් ඇතුලට ගියා...

කොයිතරම් හිත හයිය කරන් ආවත් ඇතුලට යන්න කලින් මගෙ පපුව පිහියකින් හාරනවා වගේ දැනෙන වේදනාව අමතක කරන්න මම ලොකු හුස්මක් ගත්තා...

𝖡𝖠𝖡𝖸 𝖲𝖨𝖳𝖳𝖤𝖱 |  𝗆𝗂𝗇𝗂𝗆𝗈𝗇𝗂Where stories live. Discover now