" බෝබෝ I'm sorry bo...ඇත්තටම මන් හිතුවෙ සතෙක් මූණදිගේ යනවා කියලා. කෝ බලන්න මූණ "
" It's ok බනී. දැන් අවුලක් නෑ.කෝ ඉක්මනට ලෑස්ති වෙන්න. අද uni එකට යන්න ඕන නේද ? අද winter vacation එකට කලින් uni යන අන්තිම දවස... නැගිටින්න මචං "
බෝ එහෙම කියලා මගෙ නලලට kiss එකක් දුන්නා. මෙයාට මොන යකෙක් වැහිලද? මන් ඇසුත් ලොකු කරං බෝ දිහා බලං ඉද්දි බෝ මට ඇහැකුත් ගහන ගමන් ඇදෙන් නැගිට්ටෙ
" Morning kiss "
කියාගෙන.ඔහෝ.......morning kiss එක.... හැබැයි මන් උඩු හිතින් මොනා කිව්වත් මගෙ යටි හිත නං බෝගෙ ආදරේ පිරුණු kisses වලට ගොඩක් ආස කලා. එහෙමයි කියලා බෝයිපෙන් ඉස්සරහ උනත් නිකං second වෙන්න ඕන නෑනෙ හුම්. මන් ඉක්මනට washroom එකට පැනගත්තෙ බෝ මගෙ කාමරෙන් එලියට යනකොට. මන් කෙලින්ම ගිහින් tub එකට බැස්සා. හම්මෝ ඉතිං සැපැයි කියන්නෙ සැපම සැපයි උණු වතුර ඇගට වදිද්දි.අද තමාfinal year අයට මේ අවුරුද්දෙ මන් දෙන අන්තිම lecture එකදෙන්නෙ. Winter vacation එක ඉවර උන ගමන් එයාලට Final year exam එකට තියෙන්නෙ මාස 3ක් වගේ. මන් wash දාගෙන towel එකත් පටලන් කාමරේට ආවා.
මොකක්ද අදින්නේ..............අහ් මේ තියෙන්නෙ මේක අදිමු.මන් සුදු shirt එකක් ඇදලා grey tie එකට grey blazer එකක් ඇන්දා. වෙනසකටත් එක්ක කියලා මන් glasses දෙකකුත් දැම්මා ඉතිං. හැමදාම same sara වගේ යන්න බෑනෙ.මන් අතින් කොණ්ඩෙත් හදාගෙන my ever favorite sea spray colonge එක හලාගත්තා.ඒක ඉවර වෙන්නත් ලගයි අප්පා හුම්. මෙහෙ තියෙනවද දන්නෙ නෑ මන් පාවිච්චි කරන brand එක.අහ්.බෝබෝ හොයලා ගෙනත් දෙයි....මෙහෙ නැති උනොත් මොන ලෝකෙන් හරි මට මේකක් ඕනමයි. මන් ඕවා හිත හිතම පහලට බැස්සා.
" Good morning Mr.Handsome "
" Good morning uncle. කෝ බෝබෝ ? "
" එයා ගියානේ පුතා.අදත් මන් හිතන්නෙ shoot එකක්."
" අහ් හරි අංකල් "
මොට්ටයා කියලාවත් ගියේ නෑ.කමක් නෑ එක්කො වෙනදටත් කියලා ගියේ නෑනේ. ආයිශ් ඒ උනාට අප්පා දැන් මන් එයාගෙ one and only cute baby boyfriend නේ..ඕන එකක්. දැන් uni එකේදි හම්බවෙයි නේ. මන් ඉක්මනට කාලා uncle ටත් කියලා ඇවිත් වාහනේට නැග්ගා. පැය බාගයක් යද්දි මන් හිටියෙ university එක ඉස්සරහ. හම්මෝ ආයෙ මාසයක් යනකං උදේම නැගිටින්න ඕන නෑනේද කියලා මතක් වෙද්දි ඉතිං.... හම්මෝ දැනෙන සනීපෙ. 8.30යි.......හිමින් හිමින් lecture hall එකට යාගන්න පුලුවන් මට. මම වටපිට බල බල ඉස්සරහට එන හැමකෙනාටම මට දාන්න පුලුවන් උපරිම cute හිනාව දැම්මා. නෑ ඉතිං මේ සූකිරි කැටේ මාසයක් යනකොය එයාලට අමතක උනොත් එහෙම.
YOU ARE READING
𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction𝗬𝗼𝘂𝗿 𝗟𝗢𝗩𝗘 𝗳𝗶𝗹𝗹𝘀 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧 𝘄𝗶𝘁𝗵 𝗮𝗯𝘂𝗻𝗱𝗮𝗻𝘁 𝗯𝗹𝗶𝘀 * 𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼 * 𝗧𝗮𝗸𝗲 𝗺𝘆 𝗵𝗮𝗻𝗱, 𝘁𝗮𝗸𝗲 𝗺𝘆 𝘄𝗵𝗼𝗹𝗲 𝗟𝗜𝗙𝗘 𝘁𝗼𝗼. 𝗙𝗼𝗿 𝗜 𝗰𝗮𝗻'𝘁 𝗵𝗲𝗹𝗽 𝗳𝗮𝗹𝗹𝗶𝗻𝗴 𝗶𝗻 𝗟𝗢𝗩𝗘 𝘄𝗶𝘁𝗵 𝗬𝗢𝗨 * 𝗫�...
Chapter 24 🌍🌟
Start from the beginning