“සජුයි” තවත් අසමත් වූ වෑයමකට පසු ලන් වන්ග්ජි ඔහුව ඇමතුවේ ය. “සෙමෙන් වාදනය කරන්න උත්සාහ කරන්න, තරමක් සන්සුන් ආකාරයෙන්. ඔබ ආත්මයන් නොරුස්නා බවකට ලක් කරනවා.”
ලන් සජුයි ගැඹුරු හුස්මක් ගත්තේ ය. ඔහු සිය හිස වාද්‍ය භාණ්ඩය දෙසට නැඹුරු කොට ඔහුගේ දෑත් තත් මත රඳවා ‘ඔබ කවුරුන් ද?” යන පැනය බවට පත්වෙන ස්වරයන් සෙමෙන් වාදනය කළේ ය. ඔහු නිහඬව තරමක කාලයක් බලා සිටිමුත් පිළිතුරක් නොවීය.
“නැවත උත්සාහ කරන්න.” ලන් වන්ග්ජි ඔහුට උපදෙස් ලබාදුන්නේ ය.
ලන් සජුයි නැවත වරක් ඔහුගේ දෑත් තත් මත තබා පෙර වාදනය කළ ස්වරයන්ම වාදනය කළේ ය. මෙවර ඔහුගේ ගුචිනයේ තත් ඒවා විසින්ම චලනය විය, ජීවයෙහි ආත්මය විසින් වාදනය කරමින් ඔහුගේ පැනයට පිළිතුරු සැපයීය.
ලන් සජුයි සිනහවක් පෑවේ ය.
"ඔබ එහි අර්ථය පරිවර්තනය කළා ද?” ලන් වන්ග්ජි විමසූ විට ලන් සජුයි දැඩි එකඟත්වයක් පළකරමින් හිස වැනුවේ ය. පළමු පියවර ගෙන තිබූ අතර දැන් ලන් සජුයිට දැන් තවත් ඇවැසි වූයේ පුහුණු වීම පමණි.
“ඔබ ගුණාත්මකභාවයට වැඩියෙන් ප්‍රමාණාත්මකභාවය පිළිබඳ අවධානය තිබිය යුතුයි.” ඔවුන් වලා අසපුව වෙත ගමන් කරන අතරතුර පැවසුවේ ය. “එම ක්‍රමයෙන් ඔබ කැඳවාලන ජීවයට පිළිතුරු දීමෙන් වැළකිය හැකි වුවත් අසත්‍ය ප්‍රකාශ කිරීමට හැකියාව නොලබාවි.”
හෝරා ගණනක පුහුණුවීම්වලින් සහ නොනවත්වා සිදු කෙරුණු සුසානය වෙත පිවිසීම්වලින් පසුව ලන් සජුයි බොහෝ ජීවයන් සමග නිදහස් අයුරින් සන්නිවේදනය කිරීමට හැකියාව ලබාගත් අතර ඔවුන්ගෙන් විවිධාකාරයේ පැනයන් විමසුවේ ය. නමුත් ඔහුගේ හැකියාවන් වර්ධනය කරගැනීම පහසු නොවූයේ ඔහුගේ කාර්යාවලිය අධිකව වැඩවලින් පිරී තිබූ බැවිනි. උදාසනයන්හිදී ඔහුට ලන් ඇදුරුතුමාගේ දේශනයන් පැවති පසුව ඔහුට ඊළඟ දිනය සඳහා වූ පැවරුම් නිම කිරීමට තිබුණු අතර මධ්‍යහ්නයේදී ඔහු ලන් වන්ග්ජි සමග සුසානය වෙත ගියේ ය. ඔහු අගය කළ හැකි අන්දමේ ප්‍රගතියක් ලබා තිබූ නමුත් ඔහුට දැඩි සේ වෙහෙසක් දැනෙමින් පැවතුණි.
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanfictionThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.
තාරුණ්‍යයේ කෙඳිරුම් #23
Start from the beginning