🐥අනේ මේ...

(ජිමින් කියලා ඉවර කරන්න කලින් යුන්ගි කඩාපාත්වුනා එතන්ට...)

🐱ඇයි මොකද? ඇයි තමුන්ලා දෙන්නට විතරක් කට පියාගෙන ඉන්න බැරි.?? මට බැනලම ඇති වෙලා දැන්.. මට වදයක් නොවී පැයක් කට පියාගෙන ඉන්නවද??

(ටේ, කූක් දෙන්නට බැනපු යුන්ගි, ජිමින්ගෙ පැත්තට හැරුනා.)


🐱මේ ලමයට මොනවා කරලද මේ රතු වෙලා තියෙන්නේ....

(යුන්ගි, ජිමින්ගෙ මූන්ට ලංවෙලා ඇහුවා. එකපාරට මූන ලගට ආපු නිසා ජිමින්, හුස්ම තද කරගත්තා.)

🐰හියුන්ග් තමා ඉතින් ඒක දන්නේ....


🐱Yah!!! Yah!!!

(යුන්ගි, ජිමින්ගෙන් ඈත් වුනේ ජිමින්ට හිරකරගත්ත හුස්ම ටික පහල දාන්න වෙලාවක් දීලයි.)


🐱මම කියලා තියෙනවා මට හියුන්ග් කියන්න එපා කියලා college එකේදි... කාට හරි ඇහුනොත් එහෙම. මටත් ලැජ්ජයි.

🐯ලැජ්ජයි?? හියුන්ග්ට අපිව තමා ලැජ්ජ. අනික හැමෝම දන්නවනේ. මොනව ඇහෙන්නද?? ජිමින් මොනවා කරත් හියුන්ග්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට විතරයි......



(ටේ බුම්මගෙන කියපු විදිහට යුන්ගිටත් හිනායන්න ඔන්න මෙන්න තිබ්බේ.. අමාරුවෙන් හිනාව තද කරගෙන හිටියේ..)



🐱ආයේ....ආයේ හියුන්ග් කියනවා. ජිමින් ඉතින් මගේ brother-in-law වෙන්න ඉන්න නිසා තමුන්ලට වගේ බනින්න බැහැනේ. මගේ යුන්ජි ජිමින්ගේ හියුන්ග් හෝසෝක් එක්ක engage වෙලා නොහිටියා නම් එයාටත් වෙනසක් නැහැ...

(ඒත් එක්කම class බෙල් එක ගැහුවා. බැනලා බැනලා යුන්ගි ආයේ සන්සුන් වෙලා යන්න හැරුනා විතරයි,)


🐰හියුන්ග්!!!

(ජන්ග්කූක් හෝල් එකම දෙවනත් වෙන්න කෑගහුවා. මුලු පන්තියම අන්තිම පෝලිම දිහාවට හැරුනේ මහා ලොකු පුදුමෙකින් නම් නෙමෙයි. මුලු පන්තියම තමන් දිහා බලන් ඉන්නවා දැකලා යුන්ගිට මලයකා නැග්ගා. අනිත් පැත්ත හැරුනේ ජිමින්ගේ යාලුවෝ කියලා බලන්නේ නැහැ, අද දෙන්නගෙම බෙල්ල මිරිකනවා කියලා හිතාගෙන. ඒත් එක්කම ජන්ග්කූක් ටේවත් ඇදගෙන දිව්වේ යුන්ගිට දිවත් දික් කරලා,)


My BREATH Is YOU... 🖤💛💞   [OneShot]Where stories live. Discover now