🌼Last Chapter🌼

Start from the beginning
                                    

"මං පරක්කු වැඩි නැද්ද සුකී...මට තිබුනා ඔයාට ඇහුම්කන් දුන්නා වගේම මගෙම හිතටත් ඇහුම්කන් දෙන්න.මට මාව මගහැරුනා සුකී...
ඔයා කිව්වා හරි...මට මගෙ ජීවිතේ වටිනම දේ මගහැරිලා.ඒ දේවල් මගෙ ලග තිබිලත් මට දැනිලා නෑ.
අනුන්ගෙ වචන ඉස්සරහ මම මාවම නැතිකරගත්තා සුකී.මට එහෙම නොකර ඉන්නයි තිබුනෙ.
මට කියන්න සුකී...මම ජීවිතේ නැතිකරගත්තද?නැත්තම් ඒක අහම්බයක්ද?"

හායූන් තමන්ගෙන් වුන අඩුපාඩුව හදුන ගත්තත් එක්කම සුකීගෙ මුහුනෙ ඇදුනෙ ලස්සන හිනාවක්.

"ඊයෙ රෑ ගැනද හායූනී..."

"ඔව්...මට කියන්න සුකී..."

හායූන්ගෙ තුවාල වුනු පුංචි හිතට මදක් හෝ අස්වැසිල්ලක් වෙන්නට සිතූ සුකී, සීතල හුස්මකින් පෙනහලු පුරවගත්තෙ ඊයෙ රෑ සිදුවුන දේ ගැන හායූන්ට කියන්න හිතාගෙන.

හායූන් ගොඩනැගිල්ලෙන් බිමට පනින්න ගියත්,ආයෙම විසිවෙලා වගේ පඩිපෙල මුදුනට ආපු විදිහ සුකී කියද්දි හායූන්ට ඒ දේවල් ටිකෙන් ටික පැහැදිලි වෙන්න ගත්තා.

"සුකී...මට දැන් හැමදෙයක්ම පැහැදිලියි.
අන්තිම වෙලාවෙදි මට ඕනෙ වුනේ මැරෙන්න නෙවේ ජීවත් වෙන්න...මොකද කිව්වොත් මං වෙනුවෙන් මගෙ දෙමව්පියො වගේම මගෙ අනාගතේ බලාගෙන ඉන්නවා කියලා මට තේරුනා.

හිතන්නකො...ජීවත් වෙන්න ඕනෙ කියලා තීරනය කරපු වෙලාවෙම ඔයාට මේ ලෝකෙ දාලා යන්න වුනොත්...මට වුනෙත් ඒ දේමයි සුකී....

පිටිපස්සට විසිවුන නිසා මං පඩිපෙලෙන් පල්ලෙහට වැටෙන්න ගියා.පඩිපෙලේ අත්වැට අල්ලගන්න ඕනෙ වුනත් මට අතට අහුවුනේ ඔහේ එහෙ මෙහෙ දුවන සුලං රැලි විතරයි.මට දැනුනෙ මවපු හීනත් එක්කම මගෙ පපුව පිච්චිලා යනවා වගේ.තද ඔලුව කැක්කුමක් එක්ක මගෙ ඇස් පියවුනා.මට ඒ දේ නතරකරගන්න බැරිවුනා."

ආයෙමත් හායූන්ගෙ ඇස්වල කදුලු පිරෙනවා දැක්ක සුකී,හායූන්ව සැනසුවෙ අම්මා කෙනෙක් වගේ.

"හායූනී...ඔයාට මං දෙයක් කියන්න,ඔය අඩන එක නවත්තගන්නකො..."

හායූන් කදුලු පිහදගෙන සුකී දිහා බලාගෙන හිටියෙ තමන්ගෙ අත්තම්මගෙන් කතන්දරයක් අහන්න බලාගෙන ඉන්න පොඩි දරුවෙක් වගේ.

🌼𝙇𝙞𝙩𝙩𝙡𝙚 𝙅𝙖𝙨𝙢𝙞𝙣𝙚🌼✅Where stories live. Discover now