"........ජිමින් ඉන්නෙ මාත් එක්ක........."

යුන්ගි එයාගේ ඇස් මොහොතකට පොඩි කරලා ආයෙමත් එයාගේ ෆෝන් ස්ක්‍රීන් එකට එබුනේ, එයා දකින්නේ හීනයක්ද කියලා හිතන අතරෙයි.


"ඇයි මේ හැමෝම ටිපර්වෙලා.... ජිමින් ඉන්නෙ මාත් එක්ක.... අපි දෙන්නා පොඩි ෆන් එකක් ගන්න ගමනුයි ඉන්නේ...... - @DaddyJoon69 at Seoul Theaters"


ඒත් ඒක හීනයක් නෙවෙයි.

"ක්-ක්-කිම් න්-නම්ජුන්----???"

යුන්ගිගේ ඇස් ඒත් එක්කම තරහින් හැකිලුණේ, එයාගේ අත්දෙකත් මිටවෙලවෙද්දියි. මොකද මීට විනාඩි දහයකට කලින් සෝල් ෆිල්ම් හෝල් එකක ලොකේශන් එකක් ටැග් කරමින් නම්ජුන් පෝස්ට් කරලා තිබුණු ඒ වචන කිහිපය යුන්ගිගේ හිතට ගෙනාවේ ලොකු කේන්තියක්.

ඉතින් නම්ජුන්ගේ ඒ පෝස්ට් එක දැකලා තත්ත්පර පහක් යන්නත් කලින් යුන්ගි එයාගේ කාර් එකත් ස්ටාස් කරගෙන සෝල් ෆිල්ම් හෝල් එක පැත්තට ඩ්‍රයිව් කරන්න ගත්තේ එයාගේ යටිතොලත් හපාගෙනමයි.

"මං දැනගෙන හිටියා ඌ කියන්නේ බොරු කියලා----- ආහ්හ්හහ්හ්හහ්හ්හහ්-------"

එහෙම කියාගෙන මහ හයියෙන් කෑගහලා තමන්ගේ වාහනේ සුක්කානමට හයියෙන් ගහන ගමන් යුන්ගි එයාගේ තරහ පිට කරන්න හැදුවත්, නම්ජුන් පෝස්ට් කරලා තිබුණු ඒ වචන කිහිපය යුන්ගිගේ තරහ තව තවත් වැඩි කරපු එක විතරයි කලේ.

ඉතින් ඒ නිසාමයි හැඩිදැඩි තරුණයෙක් වුණ නම්ජුන් එක්ක රණ්ඩු කරලා, කටින්-කනින් ලේ එනකල්ම ගහගන්න තරමටම යුන්ගිගේ තරහව එයාගේ හිත පුරාම ඇවිලෙන්න ගත්තේ.

ඒ විතරක් නෙවෙයි, මේ වෙද්දිත් හැම සමාජ මාධ්‍යකම වගේම යූටියුබ් එකේ ට්රෙන්ඩින් අංක එක වෙන තරමටම සෝල් ෆිල්ම් හෝල් එකක පාඩුවේ ෆිල්ම් එකක් බල බල හිටපු නම්ජුන්ට සිහි නැතුව වැටෙනකල්ම යුන්ගි විසින් එයාට ගහන වීඩියෝව වයිරල් වෙන්න අරගෙනයි තිබුණේ.

"අද ඉදන් ඔයාට අපේ ඉන්වෙස්ටිගේශන්ස්වලට උදව් කරන්න තියා ඒ අහලකටවත් එන්න තහනම් යුන්ගී....."

Searching ‖ YoonMin X BTS [10]Where stories live. Discover now