🥀| |Lovely week - end❤ | |🥀

Start from the beginning
                                    

ගොඩාක් දාට මන් උදේට විතරයි කඩෙන් කන්නෙ...එයා දවල්ට මටයි එයාටයි ඇන්ටිට කියල ලොකූ කෑම එකක් ඔතන් එනව..... ඒක කාලා බඩ පිරෙන නිසා මන් රෑට සුළු මොනාහරි දෙයක් කන්නෙ කන්න බොන්නත් ලොකූවට වියදම් කරල අම්මලට වදයක් වෙන්න ඕන් නැති නිසා ....

" සුදු නෝනා......"

" ම්ම්......"

මන් බෙන්ච් එකෙන් වාඩිගෙන එයා එනකන් බලන් ඉදියෙ එයා ව්නාඩි දහයක විතර කෝල් එකක් ඉවර කරල එයා මන් ලගින් වාඩිගනිද්දි...

" සුදු නෝනා....මන් ඔයාට කියන්නමයි ඉදියෙ...."

මන් බත් එක කුතුහලෙන් ලිහන්න ගත්තෙ බඩගින්නට....කැම්පස් ඉන්න උන් තමයි දන්නෙ මේ වගේ බත් එකකට තියෙන පෙරේතකම..... මන් මේක උස්සන් අපේ හොස්ටල් එකට ගියොත් සෝමාලියාවට පාන් දැම්මා වගේ තමයි ..... කෙහෙල් කොළෙත් නැ....

" මොකද්ද ??"

ආන්ටි හදල තිබ්බෙ ඇඹරැල්ලා ව්‍යාංජනේකුයි දඹල ව්‍යාංජනේකුයි අල තෙල් දාලා පරිප්පුයි මාළු උයලා ......පපඩම්...අම්මො ආන්ටිගෙ මාළු ව්‍යාංජනේ නම් පුදුම තරම්  රසයි .....

පපඩමකුත් කටේ දාගෙන මන් එයා දිහා බැලුවෙ එයා පෝන් එක පැත්තකින් තියල මන් දිහාවට හැරෙද්දි....

" මට ඔයාගෙ ID එකයි තව මන් කියන ඩීටේල්ස් වගයක් ඕනි....."

පපඩම් කකා උන්න මන් පුදුමෙන් එයා දිහා බැලුවෙ හේතුවක් හිතාගන්න බැරුව....

" ඇයි.....ඇයි ඔයා මාව කසාද බදින්නද හදන්නෙ...."

" අපො ! මට එච්චර අමාරුවක් නැ...."

හෑ.........!!

මන් ඇස් හීනි කරල එයා දිහා බැලුවෙ එයා මගේ කම්මුල මිරිකද්දි.....

" පාස්පෝට් හදන්න...."

එයා කියද්දි මගේ ඇස් උඩ ගියේ මට බත් එකත් අමතක වෙද්දි....

" කැහ්.....කැහ්.....මොකක්.... පාස් පෝට් ??"

" ඔව්....."

" ඇයි ඒ..."

" බෝට්ටුවෙන් අපි දෙන්නට හබල් ගාගෙන ඔස්ට්‍රේලියා යන්න....."

" මනුස්සයෝඕඕ..... මන් සීරියස් අහන්නෙ...."

" වෙන මොකටද බබා.... රට යන්න මිසක්....."

Heart Felt Rose Where stories live. Discover now