ටේහි..

හරි හරි ඔප්පා හරි මම වැරදි.. ඔම්මත් එයාව ම හුරතල් කරන්නකෝ මං නිදා ගන්නවා..😒 කියපු මං බෙඩ්ශීට් එක අස්සට ගුලි වෙද්දි ඔම්මා ආයේ ම..

ටේහි නැගිටින්න.. මේ නිදා ගන්න වෙලාවක් ද ආහ්.. ගිහින් මූණ හෝද ගන්න..

තව ටිකකින්...

මං ආයෙ ම උඩට එද්දි මූණ හෝදලා තිබ්බේ නැත්තම් නේ..

හරි හරි... මං කිව්වෙ තව චුට්ටක් නිදා ගන්න හිතන ගමන්..

ඒත් කොහෙ නිදා ගන්න ද.. ඔප්පගෙ කරච්චලේ එක්ක.. එයා ඕක හිතලමයි කරන්නේ.. 😒 මං ඔප්පට හොදට මිරිස් අඹරලා wash එකක් දාගෙන පහළට ගියේ නින්ද නිසා මග ඇරුණ breakfast එකත් අල්ලලා හොද කෑම ටිකක් බඩට දාගන්න..😁

මම ජන්ග් ටේ හී... උපරිමයෙන් ම නිදහස විදින කෙල්ලෙක්..😌 University එකේ First Year එකේ Student කෙනෙක්.. Music කියන්නෙ ජිවිතේ වගේ.. ඒත් එතන පොඩි කොස්සක් තියෙනවා.. ☹️ ඒ වගෙ ම මගෙ ජිවිතේ ඉන්න අනිත් කොස්ස තමා දැන් පඩිපෙළ බැහැගෙන මං ළගට එන්නේ.. මගෙ එලොවටත් නැතො මෙලොවටත් නැති මට ඇතුවත් බැරි නැතුවත් බැරි මගෙ ඔප්පා බොයියා.. ජන්ග් හෝසෙයොක් ..

  Dancing කියන්නේ ඔප්පට එයාගෙ ජිවීතේ වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Dancing කියන්නේ ඔප්පට එයාගෙ ජිවීතේ වගේ.. කන්න බොන්න ඕනිත් නෑ.. ඒක එහෙම වෙන්න එපෑ.. මොකද south korea වල හොද ම dancing academy එක තියෙන්නෙ මගෙ ඔප්පට.. මමත් චුට්ටක් ආසයි.. ඒත් මට නටන්න බැරි නිසා මං ඔප්පට ඇද කරනවා..😁 මං music හොදයි කියන කොට එයා dancing හොදයි කියනවා.. ඉතිං කොයි වෙලෙත් අපි දෙන්නා රණ්ඩු.. 😌 ඒත් මට ගොඩක් ම තරහා ඔම්මයි අප්පයි ඔප්පට මොකුත් කියන්නෙ නෑ මට තමා දහ අට නීතී..

නිවාඩු දවසේ නිදා ගන්න ඕනි ඔප්පයි ඔම්මයි දෙන්න ම මාව නැගිට්ටවනවා.. ඒක තමයි ඒ දෙන්නගෙ විනෝදාංශේ.. මං ඉතිං හා හා පුරා කියලා බඩකට පුරවගෙන ටිවී එක ළගට ගියේ සිංදුවක් අහලා සොෆා ඉදන් ආයෙ ම චූටි ම චූටි නින්දක් දාන්න හිතාගෙන.. මං ටිවි එක දානවත් එක්ක ම ප්ලේ වුණේ මගෙ මැණික් කැටේ ගෙ සිංදුවක්.. 😍

You've reached the end of published parts.

⏰ Last updated: Dec 29, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Snow Flower Where stories live. Discover now