🥀 5.හිත හදන සැලැස්ම- Bonus 🥀

Start from the beginning
                                    

"දෙකක් අනින්න ඕනා වෙලාවේ බුරුල පෙන්නගෙන ගිහිං රෙදි පෙරෙව්වට තොට ඔහොම වෙලා මදි..."

"වෙන එකක් නෙමෙ...වෙන එකක් නෙමෙ....උඹ ඒ වෙලාවේ....උඹෙ ගොන්කම තමා පෙන්නුවේ....ඒකයි ඌ උඹට ලේසියෙන් දුන්නෙ රිටන් එක....ඌ උඹෙ දුර්වල කම ගාණට අල්ල ගත්තා...."

"අපි වගේම මෙව්වාගේ ඔට්ටු උණ එකෙක්ට නම් කමක් නෑ බං....උඹ සල්ලන් උණේ අම්මගෙ රෙද්ද අස්සෙ ඉඳන් ආව ගොඩේ බයියෙක්ට..."

"තෝ අපිවත් බල්ලට දාලානේ....සමාව පුදාගෙන හිටියෙ...."

"තව ටිකක් හිටියා නම් ඌ උඹෙ ඔළුවේ ජරා කරත් උඹ දන්නේ නෑ....ශික් යකෝ..."

"ඇත්තටම ලැජ්ජයි යකෝ...උඹ එක්ක ඉන්නත් දැන්....උඹ ඒ කරපු වැඩ එක්ක....බලපන් උඹ එක්ක ඉඳලා අපිත් චාටර් වෙනවා...."

සුධාරයා කියද්දී මං ඔහේ බලන්න හිටියා...හොදට වැදුන ශොට් දෙක තුනකට පස්සෙ මේ උන්ගේ ඇත්තම හැඟීම් එළියට එන්නෙ...ඔව් උන් බොනවා...ක්ලාස් එකෙන් කෙලින්ම සෙට් එකම ආවෙ අපේ ගෙදර...උන් කළාතුරකින් දවසක අපේ දිහා ඇවිත් බොනවා කියන එක උන්ගේ ගෙවල් වලටත් අපේ ගෙදරටත් ප්‍රසිද්ද රහසක්.ක්ලබ් ගානේ ගිහිං සල්ලන් වෙනවාට වඩා උන් අපේ ගෙදර ඇවිත් බොන එකට,කෙලින් නොකිව්වට උන්ගේ ගෙවල් වලිනුත් කැමතියි.බිව්වත් ඒ ගෙදරදී නම් වැඩි උණාම පෙරේතයෝ වගේ වැටිලා බුදියන එකයි...ඉඳලා හිටලා කබරයා දාන ධනුවගෙ වදෙයි නැත්තම් උන් ඇත්තටම පිළිවෙළකට ඉන්නවා.ඒ නිසාමත් මාව විස්වාස නිසත් අපෙ මමා පපා උණත් මොකුත් කියන්නෙ නෑ.අද මමා පපා ගෙදර නැති වෙද්දී
කට්ටියම කිව්වේ නම් මගෙ හිත හදන්න එනවා කියලා.මගෙ කෙසේ වෙතත් උන් හොඳට සප්පායම් වෙලා හිත හදාගන්න ගමන් මගෙ ඔළුව තව අවුල් කරනවා....

"බලපන්...උගේ කතාවෙන්ම...ඌ උඹව තුට්ටුවකට ගණන් ගන්නෙ නෑ යකෝ..."

"අනික මොකාද බන්...පොඩි එවුන් වගේ මහ මිනිස්සුන්ට ප්‍රස්න කියන්න යන්නෙ ලැජ්ජා නැතිව...උඹට කොන්ද පණ නෑ කිව්වට උගෙ තමා පණ නැත්තෙ..."

"මේ අහපන් ඉමා....අපිට ඇත්ත කියපන්...උඹ අද හවසත්...අර වගේ කැත කතාවක්...කන පුරා අහගෙනත්...හිත හදන් කොහොමද බන් මඟ ඇරලා ආවෙ...ආ කොහොමද..."

 💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 CompleteWhere stories live. Discover now