එයා එහෙමම මගෙ පපුව බදන් ඉකි ගහන්න ගද්දි මට හිතුණේ අහපු මෝඩ කම කියලා..
"ඇති මැණික...ම්ම්...ඒ ඇති...සොරි ඇහුවට..."
මන් කියද්දි එයා නහය උඩට ඇදලා කඳුලු පිහ ගත්තා.
"නෑ අහන්න...කොහොම හරි මට පිටු පාලා හිටපු ඌ මාව දැක්කෙ නෑ..මගෙ අතට අහු උණේ එතන තිබ්බ මෝල් ගහ..අම්මා මාව දැකලා, එපා කියලා ඇස් දෙකෙන් කියද්දි ඒක දැකපු ඌ හැරෙන්න හදද්දීම මන් මෝල් ගහෙන් ගැහුවා උගෙ ඔළුවටම... ඒ පාර ගහදිද්දීම අල්ලපු ගෙදර නැන්දා ඇවිත් මාව අල්ලා ගත්තා.. ඒත් ඒ පාර වැදිලා උගෙ නලල පැලුණා.කොහොම හරි අම්මා එන්න කලින් ඒ මිනිහා ඉස්සරහා වෙළෙන් පැනලා අපෙ ගෙ ළඟට ඇවිත්...ඒ ඇවිත් ගේ ළඟ කැරකෙද්දී සීයා කෙනෙක් ඒක දැකලා කඩේ දිහාවට යද්දි .පස්සෙ ඒ සීයට කඩේ ඉඳන් එද්දී අපෙ අම්මාව පාරෙදි මුණ ගැහිලා අම්මා ඒ සීයා එක්ක ඇවිත් තියෙන්නේ...ඒ එද්දීත් කඩුල්ල ඇරලා දාලා තිබිලා..සීයා එතනින් යද්දි වහලා තිබුණ කඩුල්ල එද්දී ඇරලා තියෙද්දි අර මිනිහත් ගැවසුණ නිසා සීයට සැක හිතිලා.අම්මා ගෙට යද්දි ඒ සීයා ටිකක් කඩුල්ල ළඟ බලන් ඉඳලා අර මිහිහගෙ හැටි ගමම දන්න නිසා...හිතුවා වගේම ගෙට ගිය ගමන් උදව් ඉල්ලලා අම්මා කෑ ගහන සද්දේ ඇහිලා...ඒ සීයා ගොඩක් වයසයි..අර මිනිහා එක්ක ඔට්ටු වෙන්න බැරි නිසා අල්ලපු ගෙදර කට්ටිය එක්ක එන්න ගිය ටිකට තමා අපි ඇවිත් තියෙන්නේ...ඉතිං ඒ එද්දී බණ ගෙදර ගිහිං ආපු අයත් කලබලේට අපෙ දිහාට ආවා..කීප දෙනෙක්ම එතන උණ දේ ඇහෙන්ම දැක්ක නිසා අර මිනිහට බොරු කියන්න විදිහක් තිබුණෙත් නෑ...මිනිස්සු මැද්දෙ බල්ලෙක් වගේ ලැජ්ජා වෙලා,අහල පහල අයගෙන් ගුටිත් කාලා ලේ පෙරි පෙරී කුණුහරුපෙන් බැනලා ගියේ අම්මාගෙනුයි මගෙනුයි පලිගන්නවා කියලා....ඒ යද්දීත් ලක්ෂිතයා හිටියේ වැට ළඟම වැටිලා අඩ අඩ..."
එයා කියද්දි නොදැනිම මට මහ බරට සුසුමක් හෙළුණා...මන් හිතුවා කතාව ඉවරයි කියලා...ඒ උනාට එයා ආයි කතා කරන්න ගත්තා.
"ඒ සිද්ධියෙන් පස්සෙ ලක්ෂිතයගෙ අම්මා එයාගෙ නන්ඟිවත් අරන් මහ ගෙදර ගියා...ඒ මිනිහා හොඳ මිනිහෙක් නෙමෙ...හතර අතේ ගෑණු මදිවට ලක්ෂිතගේ අම්මාටත් බීලා ඇවිත් ගහනවා..කලිනුත් කීප දෙනෙක්ට කරදර කරලා තිබුණත් පොලිසියට ගියාට ආයි අනිත් අතට ගෙදර..ඒ මිනිහට ටවුන් එකේ ලොකු බාර් එකක් තියෙනවා...ඉතිං උගෙන් ජරාව අරන් පොලිසියේ එවුනුත් මොනා කරත් ඌට ශපෝට්..ඒ සිද්ධියෙන් පස්සෙ ටික දවසක් ලක්ෂිත මාව මඟ ඇරියත් අම්මාත් ගමේ ගියාම ඇවිත් මගෙන් අඩ අඩ සමාව ඉල්ලුවා..අම්මිත් කිව්වේ දෙමව්පියන්ගෙ වැරදි වලට දරුවෝ පලි නෑ කියලා...ඒත් අම්මි ආයි ආයි කිව්වා ගහේ කටු උල් කරන්න ඕනත් නෑ පුතේ පරිස්සම් වෙන්න කෝකටත් කියලා.මන් ඇහුවේ නෑ මෝඩකමට...ඉතිං එදා ඌ මාව ගෙට නොයවා ඉන්න හදපු එකට කේන්ති උණත් යාලූවා නිසා මන් සමාව දුන්නා...ඊට පස්සෙත් අපි ඉස්සර වගේම හොදට හිටියා කාලයක්...පස්සෙ ඌමයි උෂානි ගැන කියලා අවුස්සලා,පස්සෙ ඌ කැමැති කෙල්ලෙක්ට දෙන්න කියලා අකුරු ලස්සන නිසා කියලා මං ලවාම ලියුමක් ලියවාගෙන මන් දන්නෙත් නැතුව ,මන් දුන්නා කියලා උෂානිට දීලා..පස්සෙ පාරේදීත් ඔය ගැන අහ අහා උෂානිට කරදර කරද්දි තමා එයා බැරිම තැන ගෙදරට කියලා තියෙන්නේ...ඉතිං ලියුම මං දුන්නෙ නෑ කිව්වට පිළිගත්තේ නෑ..මොකද තිබුණෙ මගෙ අත් අකුරු...පස්සෙ හැමොම උෂානිගේ අම්මා පොහොර දදා කියවද්දී ඒවා පිළිගත්තා...ඒ ගෑනි අඩා වැටුණ විදිහට මිනිස්සු ඇත්තටම හිතුවෙ උෂානිගේ තාත්තයි...අපෙ අම්..."
YOU ARE READING
💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...
🥀34.නපුරු අතීතය🥀
Start from the beginning