"ඔයා මොනා හිතේ තියන් වැඩ කරනවද මන්දා.මාත් බලන් ඉන්නේ සප්‍රායිස් වෙන්න තමා..මෙහෙ එනවා නේද?එද්දි චොකලට් ගේන්න.ඔයා නැතත් ඒවා ටික වෙලාවට ලැබෙන්න සලස්වන්න"

"කපටි කෙල්ල..ගෙනාපුවා දෙන්න මම ම එන්නම්"

මුතූ සමඟ ඇමතුම අවසන් කළ අහිංසා ඒ වෙද්දි උන්නේ පඩිපෙල පාමුල.ඇය යද්දිත් කේශවගේ පුංචි පුතු සිටියේ සේනාධීර සහ ප්‍රීතිමාලි එක්ක.ආලින්දයේ එලා තිබුණු විශාල ප්ලේ මැට් එකක් මත නානාප්‍රකාර සෙල්ලම් බඩු සමඟ ඔහු දණගාමින් පෙරලෙමින් සිටියේ අහිංසාට ආසා හිතෙද්දී.

"චූටි මැණික..උදේ පාන්දරම වැඩ අල්ලලා වගේ..කෝ එන්නකෝ නැන්දි අතට"

අහිංසාගේ නැලවිලි හඬ දුරකථනයෙන් අසාම හුරු වී සිටි පුංචි චෙතෝද් ලස්සන කිරි හිනාවක් පෙන්නද්දී අහිංසා ඔහුව වඩාගෙන වටයක් කැරකුනා.

"බලාගෙන කෙල්ලේ..දැනුයි උදේට කෑවේ..ඔක්කාරෙට ඒවි"

ප්‍රීතිමාලි පවසද්දි තමා ඇයටත් ඒක මතක් වුනේ.කේශව මෙන්ම ඇයත් ඔහුව කිහිල්ලේ හිරකරගෙන එළියට එක්කගෙන ගියේ දඟකාරයා එක්ක කාලය ගත කරනවා තරම් දෙයක් අහිංසාට නොතිබුනු නිසා.

"මාලි..කෑම කාලා ඉන්න.ඔයාලත් ඇහැරෙන්න පරක්කු වෙයි කියලා අද කෑම හැදුවෙත් පරක්කු වෙලා..සේන..යමු"

ගිරිරාජ්ගේ වදනට ප්‍රතිචාර දක්වමින් ප්‍රීතිමාලිත් සේනාධීරත් එකිනෙකාගේ වාරුවෙන් නැඟිටිද්දී ගිරිරාජ්ට සියුම් සිනාවක් නැඟුනා.අද කුසුම් සිටියේ නම් ඇයත් ඔහුට ඔය විදියටම වාරු වේවි.නමුත් ඒ අතින් තමා අවාසනාවන්ත බව ගිරිරාජ්ට හිතුනා.

........💜️........ RITHU SAKURA .......💜️........

"ලොකු උත්සවයක් එපා කියලා පුතාගෙන් වදේ.කොල්ලා නම් කැමති නෑ.ශීන් දුවත් කියනවා චාමෙට ගමු කියලා..ඒ නිසා සීමිත පිරිසකට කියලා වෙඩින් එක ගන්නයි බැලුවේ"

"දෙන්නගෙ ආසාව ඒක නම් එහෙම කරන්න සේන.කොහොමත් දෙන්නා ලංකාවේ නතර වෙන්නෙ නෑනේ.එහෙත් වියදම් සැරයි.ඒ දේවල් වලට ඉතිරි කරගන්න එක වටිනවා"

"ඒක තමා අයියේ මාත් කිව්වේ.පුතා වෙනම අපාට්මන්ට් එකක් ගත්තා.සෑහෙන වියදම්.දෙන්නා වෙනම ඉන්න ඕනයි කිව්ව නිසා අපි මුකුත් කිව්වෙත් නෑ.අපිට වඩා පැය දෙකක වගේ දුරකින් ඉන්නේ.ඕන වෙලාවක ආවා ගියෑකි"

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now