එයාගේ ආදරේ හරිම පිරිසිදුයි... අවංකයි... ඒත් මම?? මට තිබ්බේ ඒක පිළිගන්න බයක්... මම සමාජේ ගැන පවුල ගැන අනිත් හැම දෙයක්ම ගැන හිතුවා... හැබැයි මට අමතක උනා එයාගෙන් පැත්තෙන් හිතලා බලන්න... එයා කොච්චර කිව්වත් මට ආදරෙයි කියලා මගේ හිත ඒක පිළිගන්න කැමති උනේ නෑ... මම ඒ හැඟීමට බය උනා.. මමත් එයාට ආදරේ නොකලා නෙමෙයි... ඒත් මට ඒක තේරුම් යන්න කල් ගියා.. මම හිතුවා ඒ තිබ්බ හැම ප්‍රශ්නෙකටම උත්තරේ මම කසාද බඳින එක කියලා... ඉතිං මම ඒ තීරණේ ගත්තා.. හැබැයි එතන මට වැරදුනා....

"බේබී අපි ආවා......"

කසාද බැඳලා ගියත් හරි අවුරුදු දෙකකට පස්සේ මම ආපහු මහ ගෙදරට ආවේ... දැන් මෙහෙ ඉන්නේ මගේ අක්කයි එයාගේ මහත්තයයි පුතයි දුවයි... අවුරුදු දෙකකට කලින් මෙහෙන් යනකොට මම හිතුවේ මොනම හේතුවකටවත් ආපහු මෙහෙ එන්නේ නෑ කියලා... ඒත් අන්තිමට මට කැරකිලා මෙහෙටම එන්න උනා... හිතේ ලොකු බරකින් කසාද බැඳලා මෙහෙන් දුරකට පදිංචියට ගිය මම හරියටම අවුරුදු දෙකකට පස්සේ දීගෙත් ඉවර කරලා ආපහු අපේ ගෙදරට ආවා...

"මල්ලී......."

වාහනෙන් බහින මාව දැක්ක ගමන් අක්කා මගේ ළඟට දුවගෙන ආවේ කඳුළු පුරවන්... මම දන්නවා ඒ දුකට පිරුණු කඳුළු නෙමෙයි... ඒවා සතුටු කඳුළු... මොකද මගේ අක්කට මාව දරුවෙක් වගේ... අවුරුදු දෙකක් තිස්සේ එයා මාව නොදැක හිටියේ ලොකු වේදනාවකින්...

"මගේ කොල්ලා කෙට්ටු වෙලා...."

අත් දෙකෙන්ම මාව අල්ලන් අක්කා කියද්දී මට හිනා ගියා...

"එහෙනම් ඔයා ආපහු මට හොඳට කෑම කවලා මහත් කරවලා ගන්නකෝ...."

ඒ තරම් මම කෙට්ටු වෙලා නැති උනත් අක්කගේ හිත රිද්දන්න බැරි නිසා මම කියද්දී මම දැක්කා අක්කගේ ඇස් දිලිසෙනවා....

"මල්ලිට ගෙට එන්න දෙන්න සදි....."

ඒ එක්කම එළියට ආපු ධනුෂ්ක අයියා අක්කට කියද්දී අක්කා මගේ අතින් අල්ලන් ගෙට ආවේ සිරිදාස අංකල් මගේ බෑග් ටික ගේ ඇතුලට අරන් යද්දී...

"ඉතිං මල්ලි... කොහොමද ඔයාට...."

සාලේ සෝෆා එකෙන් වාඩිවෙන ගමන් අයියා අහද්දී මම එයත් එක්ක හිනා උනා...

Lost Control (Zhanyi) ✅Where stories live. Discover now