මම එක්වර ම තිගැස්සී මගේ පසුපස බැලූයේ එහි කවුරුන් හෝ සිටි බවක් හැඟුණු නිසාවෙනි. ඔව්... එහි යමෙක් සිටි අතර ඒ ලකීෂ්ලාගේ සැරයන්වරයා වූයේ ය.
" මොක ද මෙතන? "
ඔහු රළු, තියුණු හඬකින් විමසා සිටි අතර මම හේතුවක් නො මැති ව වුව ද බියෙන් පියවරක් පසුපසට ගියෙමි.
" මම ... මේ.... ලකීෂ් එක්ක ආවේ.... "
මම අපහසුවෙන් මෙන් වදන් ගැටගසන්නට වීමි.
" ඇයි එයා පොඩි ළමෙක් ද ගෙනත් ඇරළවන්න... ම්ම්... එන්න කැමති නැද්ද කැඩෙටින් කරන්න... "
මම මොහොතක් තුෂ්ණිම්භූත වී සිටියෙමි. පාසලේ ක්‍රීඩා සඳහා ද එතරම් කැපීපෙනෙන දස්කම් පෙන්නුම් නො කල එම ලෙසින් ම ඒවා කෙරෙහි එතරම් ආශාවක් ද නොවූ මාගේ සිත් කොණකවත් එවන් අදහසක් නො වීය.
" න්නෑ... අර්... මම අම්මගෙන් අහලා කියන්නම්.... "
මම තවත් මොහොතක් හෝ එහි නො රැඳී පිටව ගියේ තවත් රැඳී සිටියහොත් කුමක් හෝ බාල්දියක් පෙරළෙනු නො අනුමාන නිසායි. මගේ පිළිතුර නිසාවෙන් සිනහසෙමින් උන් පිරිස මඟහැර මම කෙලින් ම පංති කාමරය වෙත දිව ආවෙමි.
" පව් බන්... පොඩි එකෙක්නේ.... "
මම පංති කාමරයට වී ලකීෂ්ට අනෙක් පස අසුනට වී ඔහු එනතුරු කල් මරන්නට වීමි. පෙරදින දෙනු ලැබූ ගණිත ගැටලු කිහිපයක් විසඳීමට දැරූ පල රහිත උත්සාහයෙන් අනතුරු ව මම පසුපස අසුනෙහි වූ සෙනෙත් ව කතාවට අල්ලා ගතිමි. අවසානයේ දී ලකීෂ් පංති කාමරයට පැමිණෙන විට පළමු කාලච්ඡේදයෙන් අඩක් ද ගෙවී ගොස් අවසාන ය.
" මොක ද පරක්කු? "
" දන්නැද්ද ඉතින්... ටිකක් පරක්කු වුණා... "
ඔහු සිනහසෙමින් මාගේ අනෙක්පස අසුනෙන් අසුන් ගත්තේ ය.
ලකීෂ් දැනට මාසයකට පමණ පෙර ඔහුගේ නෑදෑ වන අයියා කෙනෙකු විසින් පවසන ලද තොරතුරුවලට සවන් දී ශිෂ්‍යභට කටයුතුවලට ඇළුම් කර දැන්වන විට පාසල් ශිෂ්‍යභට ඛණ්ඩයේ සාමාජිකයෙකු වශයෙන් බැඳී ඇත.
නමුත් එයින් මා හට සිදු වූ විපත නම් වෙනදාටත් වඩා උදයෙන් පාසල වෙත පැමිණීමට සිදුවීමත් හමුවන සෑම මොහොතක ම සිදුකරන ' කැඩෙටින් වර්ණනාව ' ඉවසා දරාගෙන සිටීමටත් සිදු වීමයි.
මා පුද්ගලික ව ශිෂ්‍යභට කටයුතු සඳහා අකමැත්තක් නො දැක්වූව ද මේ වන විට නම් එය මහත් හිසරදයක් වී හමාර ය. මම පාසලේ දී වුව ද ඉගෙනීමට වැඩි දක්ෂතා දැක්වූ බැවින් මාගේ දෙමාපියන් ද ක්‍රීඩා සඳහා මා එතරම් උනන්දු නො කලහ.
" ඒයි නැඟිටිනවා... "
මම දෙවන වතාවට ද ලකීෂ් හට වැලමිටෙන් ඇන්නේ ඔහු නැවතත් නිදිකිරා වැටීම ආරම්භකල නිසාවෙනි. උදෑසන වෙහෙසකාරී පුහුණුවීම්වලින් අනතුරු ව විදුලි පංකාවේ සුවදායක සිහින් සුළං රැළිති නිතර ම ඔහුට නින්දට ආරාධනා කලහ. එවිට ඔවුන් අතරට පැමිණි සතුරා මම වූ අතර පංතිභාර ගුරුවරියගේ වාග් ප්‍රහාරයෙන් ඔහු ගළවාගනු වස් සෑම විට ම ඔහු ව මම අවදි ව තබා ගැනීමට උත්සහ කළෙමි.
" මම නිදි නැහැ... "
සෑම විට ම ඔහුගේ උත්තරය සමාන විය.
ඒත් සමඟ ම පළමු කාලච්ඡේදය අවසන් වූ අතර පංතිභාර ගුරුතුමිය නාමලේඛනය ලකුණු කිරීමෙන් අනතුරු ව පිට ව ගියා ය.
" ළමා...යි... අද සිංහල මිස් ඇවිත් නැහැ!!!! "
පංතියේ දඟම ළමයා, එසේත් නො මැති නම් නාහෙට නාහන ම ශිෂ්‍යයා පන්ති කාමරයට ම ඇසෙන සේ බෙරිහන් දෙන්නට වූ අතර සිසුහු උස් හඬින් ප්‍රීතිඝෝෂා කළහ.
ඒ ඇසිල්ලෙන් පසුපස පෙළෙහි උන් ළමුන් රැසක් සංගීත සාජ්ජයක් ආරම්භ කළ අතර ලකීෂ් මාව ද ඇදගෙන එයට එක්වීමට දිව ගියේ ය. මේ මොහොතේ දී නම් ඔහුගේ නිදිමත සෙවීමට හෝ නො හැකි වූයේ ය.
ඒ අතරතුර දී ද ලකීෂ් ඔහුගේ පම්පෝරිය දිගහැරීමට අමතක නො කළේ ය.
" ඔයා දන්නෑ ශේන්... අද අපි ග්‍රවුන්ඩ් එක වටේ වට දහයක් දිව්වා... අම්මෝ... අන්තිම වටේ වෙනකොට නම් මට මැරෙන්න හිතුනා... ඒත් දිව්වා... "
" හරි හරි.... ඕක මට අහල ම එපා වෙලා.... ඒක නෙමෙයි, අද මගෙන් ඔයාලගේ සාජන් අයියා ඇහුවා කැඩෙටින්වලට එන්න කැමති ද කියලා... "
" මොකක්... එයා ඒක ද ඔයාගෙන් ඇහුවේ... මට නම් විශ්වාස කරන්න බැහැ එයා ඔයාගෙන් ඒක ඇහුවා කිව්වහම... "
" ඇයි ඒ??? "
***********************
ඇත්තට ම ඇයි ඒ....
කතාව ගැන ඔයාලගේ අදහස් කියාගෙන යන්න...
නම් ගම් චරිත මනංකල්පිතයි.
හුදු කතාන්දරයක් පමණක් බව කරුණාවෙන් සළකන්න.
YOU ARE READING
Under the Sky
Romanceලබා දුන්නොත් අවස්ථාවක් ආසයි පෝලින් වෙන්න ආයෙත් වරක් රන්ටැඹේ අහස යට...
Part 01
Start from the beginning