☘️.

62 16 45
                                    

ලස්සන කුරුළු ගීතවලට ඇහුන්කන් දෙන්න ආස වෙන එක වැරැද්දක්ද?

කාගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවත් හැමෝම වගේ කියන්නෙ 'එහෙම නැහැ'කියලා.

ඒත් හිතුවොත් තමන් මේ ලෝකෙ තනි වුන අසරණ කුරුළු පැටියෙක් කියලා,

ඒ වගේ වෙලාවට තමන්ට ලස්සන සිංදුවක් කියන්න පුළුවන් වෙයිද කියන එක පොඩි ප්‍රශ්නයක්.

මම පුංචි කුරුළු පැටියෙක් නම් එයා මට නිවහනක් දුන්නු ශක්තිමත් ගහක්.

එයා මං කියන සිංදු අහන් ඉන්න ගොඩක් ආසයි.මම දැන් එයාගෙන් ගොඩක් දුරස් වෙලා ගිහින්.

කෙනෙක්ට පුළුවන් ද හිතට දැනෙන හැඟීම් වචනවලට පෙරලන්න?

ඔව්.

මට පුළුවන් ඒ දේ කරන්න.

මගේ ලස්සනම මතක තිබුනෙ මගේ දින පොතේ.

_______________________________________________

පිටු අංක 01.
_______________________________________________

අද..

ගොඩක් ලස්සන දවසක්.කෙනෙක් මට උදෙන්ම මුණගැහිලා ලස්සන කතාවක් කියලා ගියා අද.මම හිටියෙ ගොඩක් ලැජ්ජාවෙන් වුනත් මං හිතුවෙ නෑ එයා මට ඒ විදියට කතා කරයි කියලා.අද උදෙන්ම මට   කම්පැනි එකට යන්න සිද්ධ වුනා හැමදාම වගේ.මම තවම මේ දේට අලුත් වුනත් මම ගොඩක් උත්සහ කරනවා මගේ උපරිමෙන්ම ඒ දේ කරන්න.

මට තිබුනු කලබලේට මම ෂර්ට් එකේ බොත්තම් ටිකත් දදාමයි අද ගෙදරින් එලියට බැස්සෙ.මට දැන් මෙහෙ මගෙ ගෙදර වගේමයි දැනෙන්නෙ.

මම නැගිටිද්දි අපි දොළොස් දෙනාගෙන් පහ හයක්ම හිටියෙ නෑ.එයාලට ඉතින් ඉස්කෝලෙ යන්න තියෙනවනෙ.

හැමදාම වගේ අදත් මට එයාව හම්බුණා.මෙහෙට ආවට පස්සෙ මට හම්බුනු හොඳම යාලුවෙක් තමයි එයා.කලබලේ නිසා තව පොඩ්ඩෙන් මම කම්පැනි එකට යන්නෙත් කකුලක් කඩාගෙන තමයි.එයා මාව බේරගත්තෙ නැත්තම් මම මේ වෙනකොටත් දිව්‍යලෝකෙ ගිහින් ඉවරයි.

හැමදාම වගේ මම අදත් ගොඩක් පුහුණුවීම් කළා.මහන්සි නොදැනුනා නෙවෙයි.ඒත් මම දන්නවනෙ මං ගැන.මේක මගේ හීනයක් විතරක් නෙවෙයි.ඔම්මා,අප්පා ඒ වගේම මගේ රසිකයො හැමෝම වගේ බලන් ඉන්නෙ ඒ දවස එනකන්.

See You Next Time || One Shot || Treasure ✔️Where stories live. Discover now