තුනවන කොටස

Start from the beginning
                                    

ආදිත්‍ය මොන වගේද කියලා කල්පනා කරද්දී සකෙත්ට එයාගේ පරණ යාලුවාගේ මතකයන් ඔලුවට ආවේත් ඉබේටමයි. නිලංකගේ හැසිරීම හරිම විවෘතයි... ටිකක් අහංකාර උද්දච්ච හැසිරීමක් තිබුණ නිලංක හරිම මුරණ්ඩු කෙනෙක්. සිදුවෙච්ච දේවල්වලින් පස්සේ නිලංක ආයෙමත් ජීවිතේටම එයා එක්ක කතා නොකරාවිද කියලත් සංකෙත් කල්පනා කළා.

ආයෙමත් තීක්ෂණ දිහා බලපු සංකේත් දැක්කේ ප්‍රදර්ශනය සංවිධායක කෙනෙක් එතනට ගිහිල්ලා ඒ දෙදෙනාට කතාකරන හැටියි. මලිති ඔලුව ඉහළපහල වනලා තීක්ෂණත් එක්ක සංකේත් හිටගෙන හිටි දිහාවට ඇවිදගෙන ආවා. පිළිගැනීමේ දේශනය කරන්න කලින් ආදිත්‍ය එක්ක මොහොතක් වෙලා කතාබහ කරන්න තිබුණා නම් හොඳයි කියලා සංකේත්ට හිතුනත්, ආදිත්‍ය ඉන්නේ එයාගේ කතාව කිරීම සම්බන්ධයෙන් නොඉවසිලිමත් ගතියකින් නම්...? 'සමහරවිට මේ වෙනකොටත් මිස්ට ආදිත්‍ය කතාව ආයෙ ආයෙමත් පුරුදුවෙනවා ඇති...' සංකේත්ට හිතුනා. 'මා එක්ක් කතාකරන්න වෙලාවක් තියේවිද?'

කතාව මොනවගේද කියල දැනගන්න සංකෙත්ට ඉතාම අවශ්‍යයි... එහෙම දැන ගත්තොතින් පිරිස ඉදිරියේ ඉදිරිපත්කරන වෙලාවට අපහසුවක් නැතුව වචන ගලාගෙන ඒවි කියලා සංකෙත් දන්නවා.

"මිස්ට සංකෙත්... වෙලාව ගොඩක් කිට්ටු වීගෙන එනවා. අපි දැන් ගිහිල්ලා සූදානම් වුණොත් හොඳයි..." සංකෙත් ළඟට ආපු මලිති තීක්ෂණගේ අත අතැරලා සංකේත්ගේ අත් දෙකෙන් අල්ල ගත්තේ සංකෙත්ට ගැලවෙන්නට යන්න දෙන්නෙ නෑ කියලා කියන්න වගේ. "මෙච්චර කෙටි දැනුම්දීමකින් ආවට ගොඩක් ස්තූතියි මිස්ට සංකේත්... මිස්ට ආදිත්‍යගේ අංකලුත් ඇහුවා ප්‍රදාන කතාව කරන්නද කියලා... ඒත් කතාව වෙන කෙනෙක්ට දෙන්න මිස්ට ආදිත්‍ය කොහෙත්ම කැමැති නැහැ... ඔයා මේ වෙලාවේ උදව්වට නාවනම්-"

"ලොකු ප්‍රශ්නයක්-?" සංකෙත් යෝජන කළා.

"ඔයාට හිතාගන්න බැරි විදිහේ ප්‍රශ්නයක්..."

සංකේත හිතාගන්න බැරි කමකුත් නැහැ. බොහොම කාලෙකට ඉස්සර සංකෙත්ගේ සංගීත ජීවිතයේ මුල්ම අවදියේදී සජීවීව වාදන සන්දර්ශන පවත්වන්න යනකොට සහය තබ්ලා වාදන ශිල්පියාට හදිසි අනතුරක් වෙලා රෝහල් ගතකිරීමක් නිසා මුළු සංදර්ශනයම නවත්වන්න වුනු හැටි සංකෙත්ට මතක්වුණා. වෙනත් කෙනෙක් පුරුදු නොවුනු නිසා සංගීත ප්‍රසංගය පවත්වාගන්න බැරිව ශාලාවට රැස් වූ මිනිස්සු දෙදහකට ආසන්න ප්‍රමාණයක් ආයෙමත් හරවල යවපු හැටි එයාට මතකයි. සංගීත සංදර්ශනය සංවිධායකවරු බනින කෙනෙක් නැතිකමට කෙලින්ම බැන්නේ සංකේත්ට.

අසුර හැන්ඳෑවWhere stories live. Discover now