- 15 -

430 71 14
                                    

     

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     

       නෙලුම් සුදු වැල්ල මත දණින් වැටී සිටියේය. කොන්ද හරහට තව පහරක් වැදුණේය. ඔහු මුරණ්ඩු ලෙස මවට රැව්වේය. සියඹලා කෝටුවක් අතැතිව සිටි ඈ කෝපයෙන් රතුව සිටියාය.

        " අනේ අම්මා.. " ඒශ්වර් ඉහළට එසවුණු කෝටුව අතින් අල්ලාගත්තේ ය. " ඇති අනේ දැන්. නෙලුම් අයියා මොකටද ඔයාගෙ ගවුම් කපන්නෙ? "

      " නැත්තම් කතුරකින් ඒක කපලා දාල තියෙන්නෙ බහිරවයද ළමයො?! මේ පර බල්ලා ඇර ඔහොම බලු වැඩක් කරන්න එකෙක් මේ ගෙදර නෑ! "

      " හරි ඉතින්.. ඒක පරණ ගව්මක්නෙ අම්මා... ඔයා ඒක කවදාවත් අදින්නෙත් නෑ. ඕක අතෑරල දාන්නකො.. "

    " මං අදිනවද නැද්ද කියන එක නෙවෙයි. මෙතන ප්‍රශ්නෙ මූ මගෙ පෞද්ගලික දේවල් විනාශ කරපු එක! කියපං- පරයා- තෝ ඒක කැපුවෙ ඇයි?! "

   එක පිට පහර පිට පහර කොන්ද මැදට වැදුණේය. සුදු නිල ඇදුමේ ලේ පැල්ලම් දෙක තුනක් කෝටු පාරේ හැඩේට මුද්‍රණය විය. නෙලුම් ඉකිබින්ඳේය. ඇය තල්ලු කරගෙන ඔහු ගෙතුලට දිව්වේ කෝපයෙනි.

    සුදු වැල්ල මත පෙරලුණු මැදිවිය ස්ත්‍රිය තරබාරු දෙපා මත සිටගන්නට බොහෝ වෙහෙසුණාය. බලා සිටින ඒශ්වර් වෙත ඈ රවා බැලුවාය. " මාව නැගිට්ටවනවා ළමයො! "

      ඒශ්වර් හිතාමතා කල් වේලා ගැනීම ඇගේ හදවත තව කෝපයෙන් දැව්වේය. ඔහු ඈ දෙපා මතට ගෙන අත් මත වූ වැලි පිසදැමුවේය.

     " ඕකා තියන්නෑ අද මං! "

" නෙලුම් අයියා පිටිපස්සෙ දොරෙන් එලියට දිව්වා. සීයයි අත්තම්මයි එනකොට අපි මොකද කරන්නෙ දැන්?  ඔයාට බයේ එන එකකුත් නෑ.. "

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now