- 18 -

431 77 24
                                    

" උබට මොකද්ද තියෙන අමාරුව? කියපංකො මයෙ පුතේ.. "

" අද ගෙදර ඉන්නං..? අනේ අත්තම්මා අද ස්කූල් යන්න බෑ.. "

මහලු කත නෙලුම්ගේ නලල මත අතක් තැබුවාය. ඇගේ රස්නය සාමාන්‍ය වුවත් මුහුණ සුදුමැලි ව ගොස් තිබුණි. රතු පැහැ තොල් වල පවා පැහැය මැකී ගොසිනි. තම්බා දුන් කොත්තමල්ලි කෝප්පය ඔහු තොලගෑවේ අප්පිරියාවෙනි.

සිය කෝප්පය සෝදා තැබූ ඒශ්වර් කොට බිත්තිය මත හිදගත්තේ දුරකථනය සාක්කුවෙන් පිටතට ඇද වෙලාව බලමිනි.

" අම්මා තාම නෑනෙ අත්තම්මා.. "

" මොන අඩව්වක් අල්ලනවද දන්නෑ ඒකි ගමට පැනලා.. බලහංකො අත්තටත් අදම පන්සලේ වැඩක් වැටුනා නෙව. "

බෑණා ගැන සදහන් නොකළ මුත් ඔහු ද නගරයට යෑම ගැන ඈ කණගාටු වූවාය.

" දැන් නෙලුම් අයියට ස්කූල් යන්න වෙන්නෑ අත්තම්මා. වෙලාව හත හමාරටත් ලගයි. "

" එහෙනං ඔන්න ඔහෙ ඉදපුවාවෙ.. අර අපේ එකීද බං දෙවට ලගින් එන්නෙ වෙඩිකාපු ඌරා වාගෙ..? "

" අම්මා තමයි.. " ඒශ්වර් බිත්තියෙන් නැගිට්ටේය. කඩුල්ල පැන මිදුලට ආ අම්මා හති හලමින් මිදුලේ මහත පොල් කදක් මතට පිට දී මහන්සි ඇරියාය.

" මොකද බං?! "

නෙලුම් දෙස බලාගෙන ටික වේලාවක් ඈ රැව්වාය.

" නෙලුම් මෙහෙ වරෙං "

" කොල්ලට වද දෙන්න එපා. ඌ මේ ඇදෙන් බැහැගන්න බැරුව ඉන්නවා. "

" ඇදෙන් බැහැගන්ඩ?! ගමේම පාහර බල්ලොන්ගෙ ඇදවල්වල ගොඩවෙලා වෙන්න ඇති මුට ඇදෙන් බැහැගන්ඩ බැරි තරං අමාරුව. "

" මොකද්ද බං උබ මේ පොඩි උන් ඉස්සරහා තියාගෙන කියන කුනුහරුප කතා?! "

" මූ රෑ දෙගොඩහරියෙ ඇදෙන් බැහැලා කැලෑගානෙ රිංගලා කොරන කුනුහරුප ඔයාලට නවත්තන්න බැරි වුණ හින්දා තමයි මට මුං දෙන්නා ඉස්සරහා තියන් ඒ කුනුහරුප කතා කියන්න වෙලා තියෙන්නෙ අම්මා! " ඈ බූරු ඇද වෙත ගියාය. නෙලුම්ගේ කනකින් ඇදගෙන ගොස් ඔහු වැලි මිදුලට තල්ලු කර දැමුවාය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now