- 24 -

417 71 49
                                    

  
♡♡♡♡♡♡♡♡♡♡♡♡

" රා බිව්වම බඩ කලයක් වගේ වෙනවද? "

සැදෑ යාමේ රාස්සිගෙ අව්ව වැටුණු බැද්ද ඇතුලේ වැල් ගාලක් යට සෙවනේ වැතිර සිටි කොල්ලන් දෙදෙනා අතර නිහැඩියාව එසේ බිදුණි. කෝටු කෑල්ලක් දත් අතර සපමින් හිස පිටුපස අත් තබා ඒ මත වැතිර හිසට ඉහලින් වැල් ගාලේ කූඩුවක පැවවුන්ට පනුවන් කවන අපූර්ව දර්ශණය නැරඹූ නෙලුම් ඇස් කුරුලු හොටෙන් ඈත් නොකළේය. " දන්නෑ.. ඇයි? "

      " අද රෑට.. " ඒශ්වර් කතාව නවතා කට කොනින් සිනාසුණි. නෙලුම් වික්ශිප්තව ඔහු දෙස බැලුව ද පිලිතුරක් බලාපොරොත්තු විය නොහැකි විය.

       කොකිස් මුලත්, ගමේ ගොඩෙන් සොයාගත් එලවලු පලතුරු වර්ග හා ඇඹුල් තියල් කළ වැව් මාලු පාර්සලයකුත් බැඳගෙන අම්මා සහ සුලු පියා සැදෑ යාමයේ ම පිටත් විය. දන්නා තරමින් ඔහු රෙදි සාප්පුවක හිමිකරුවෙකි. එන සිකුරාදාට නැවත එන පොරොන්දුව පිට ඔවුහු පිටත් වූ පසු කොල්ලන් දෙදෙනා කැලෑ ගානේම දවසේ ඉතිරිය ගත කළේ දෙමහල්ලන් බස් පාර දක්වා ඇරලැවීමෙන් පසුව ය.

      එදා රෑ ඒශ්වර් නෙලුම්ගේ අත මිරිකා ඔහු කීද්දුවේය. දැඩි නින්දක පසු වූ ඔහු හිස කසමින් දෑස්වල විඩාව ඇරෙන තෙක් ඒවා වසාන ම උන්නේය. " නිදිමතයි.. " ඔහු කන්කෙදිරි ගෑවේය.

        " සීයලාට නින්ද ගිහින්.. අපි යංකො එලියට. "

" මොකටද? "

    " දවල් මං කිව්වෙ... යංකො.. " කොලුවා කන්කෙදිරි ගෑවේය. නෙලුම් නිදි මරගාතේ ඇස් පොඩි කරමින් පොරවා සිටි අත්තම්මාගේ චීත්ත කෑල්ල ගත වටා දවටාගත්තේය. ඇස් පියාගෙන ම ඇදෙන් බැස ඒශ්වර් පසුපස ගියේ නින්දෙන් ඇවිදින්නෙකු මෙනි.

         මිදුලේ සීතලට නෙලුම් වෙව්ලුවේය. දෙසැම්බර් සීතල දැන් දැන් ගම්මානය වටේ සුලගේ දැවටී රැල්ල නගයි. නෙලුම්ගේ දත් කට කට ගා එකට වැදෙන්නට විය. අඩ සද එලියේත් නෙලුම්ගේ සම දිස්නය දුන්නේය. ඇවිස්සුනු හිසකේ මුහුණ මත වැටී තිබුණි. නෙලුම්ගේ සුන්දරත්වය ත්.. දගකාර සුරතල් හැසිරීමත් සිත විශ්මයත් හාස්‍ය ත් අතර දෝලනය කළේය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now