" තුදු අයියට බය හිතෙනවා බනී.....නැගිටින්නකො වස්තුවේ "
" ආයෙ පාරක් මාව තනි කරන්න එපා...මට ඔයාව ඕනා බනී....හැමදාම මේ අත හයියෙන් අල්ලගෙන ඉන්න ඕනා "
" අනේ ඇස් ඇරලා මගෙ දිහා බලන්නකො අශස් "
එයා ඉකි ගහනවා....එයාගෙ වචන කැඩෙනවා...අනේ මගෙ ආරුල් අයියා අඩනවා...
මං ලොකු හුස්මක් අරන් එයා අල්ලගෙන නැති මගෙ අනික් අත හොලවන්න උත්සහා කරා. දිග ඇරිලා තියන ඇගිලි ටික ටික නවන්න පුලුවන් වෙද්දි මගෙ තදට පියවිලා තිබ්බ ඇස් ටික ටික ලිහිල් උනා. බඩ පපුව ඔක්කොම දැවිල්ල අල්ලනවා වගේ දැනුනත් මං මගෙ ලිහිල් උන ඇස් ටික ටික ඇරියා. එකපාරටම එලිය දැක්කම කලුවරක හිර වෙලා උන්න මට ඒ එලිය දරාගන්න බැරි උන නිසා මං ආයෙත් ඉක්මනට ඇස් පියාගෙන ටිකවෙලාවක් ඉදලා හිමින් හිමින් ඇස් ඇරියා. එලියට හුරු උනාට පස්සෙ මං ඔලුව පාත් කරලා මගෙ ආරුල් අයියා දිහා බැලුවා. එයා මගෙ පපුවට ඔලුව තියාගෙන ඇස් පියාගෙන අඩනවා....එයාගෙ උරහිස් හෙල්ලෙන නිසා මට තේරුනා එයා ඉකි ගහනවා කියලා. මං ඔලුව හරවලා වටපිට බැලුවා.හොස්පිට්ල් එකක්...මං උන්නෙ හොස්පිට්ල් එකක ඇදක..... මගෙ වටේට තියන මැෂින් ටීක් ටීක් ගාන සද්දෙ මට ඇහෙනවා.
මං මගෙ අනික් අත අරන් මගෙ පපුව උඩ ඔලුව තියන් ඉන්න ආරුල් අයියගෙ ඔලුව උඩින් තිබ්බා. එයාගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි ගෙනියද්දි ආරුල් අයියා ගැස්සිලා වගේ ඔලුව උස්සලා මං දිහා බැලුවා.
" අශස්..... "
කතා කරන්න ඕනා උනත් මගෙ උගුරෙන් වචන පිට කරගන්න මට බැරි උනා. මං දිහා ඇස් ලොකු කරන් බලන් උන්න එයා දිහා බලලා මං අත දික් කරලා එයාගෙ කම්මුල් දෙක උඩ තිබ්බ කදුලු පිහදාලා අඩන්න එපා කියන්න ඔලුව දෙපැත්තට වැනුවාම එයා ආයෙත් ඇස් වල කදුලු පුරවගත්තා.
" මං හිතුවේ....මං හිතුවේ මං ආයෙත් ඔයාව නැති කරගත්තා කියලා අශස්.....අනේ මං බය උනා මැණික....මං ගොඩක් බය උනා..."
කදුලු උනපු ඇස් දෙකෙන් එකින් එක කදුලු බිංදු වැටෙද්දි මගෙ අත් දෙකම එයාගෙ අත් දෙකෙන් අල්ලන් ආරුල් අයියා මගෙ අත් දෙක ඉඹගෙන ඉඹගෙන ගියා .
YOU ARE READING
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
23 කොටස 🍓
Start from the beginning