- 35 -

348 65 15
                                    


" ඇයි? "

අසිපත් ගේ හඩ මුවහත් විය. කම්මුල් මත ශෝකය පුරවාගත් කොල්ලා අසිපත්ගේ දොර උලුවස්සට හේත්තු වුණි.

     " මොකද?.. "

      ලාබාල කොල්ලාගේ කම්මුල් කදුලු කඩා හැලුණේය.

වික්ශිප්තව ඔහු දෙස බැලූ අසිපත් සෝදමින් සිටි මාලු කූරියා කොරහට දමා ඔහු ලඟට ආවේය. " මොකද ඕයි? "

    " අයියා නෙලුම්ට කැමති නං මට එයාව ඕන්නෑ.. "

අසිපත් ඒශ්වර්ගේ උරහිස අතහැර ඉවත හැරුණේය.

    " ඇයි? කැලෑගානෙ හිටං ඌ එක්ක නිදිවැද්දා ඇති ද දැන්?.. "

     " නෙලුම් ආදරේ අයියට.. " වචන පිට වූයේ මහත් ඊර්ෂ්‍යාවක්  ද හාමුව ය.

       " දැන් මොකද වුණේ.. "

" නෙලුම් සැරින් සැරේට අහුමුලුවල ඉදන් බඩ අතගගා කල්පනා කරනවා. වෙලාවකට අඩනවා. "

     " උබ ඌ බඩ කරල මගෙ කරේ ගහන්නද හදන්නෙ දැන්?.. "

අසිපත් සිනාසුනේය. ඒශ්වර් බිමට රැව්වේය.

  " මං දන්නෑ. "

     " ඇයි.. අරවා කරද්දි දැක්කෙ නැද්ද නෙලුම්ට තියෙන්නෙ මොකද්ද කියලවත්? "

" දැක්කා. ඔලුවෙ තියෙන දේයි කකුල් අස්සෙ තියෙන දේයි එකම නෙවෙයි නං මොකද්ද කරන්නෙ මං?! "

     " ඔලුවෙ කෙසේවෙතත් උගෙ දැන් නළලෙ තියෙන්නෙ. ආය මට ඌ එපා. උබ තියන් කාගනිං. "

     " ඇයි ඕයි කියන දේ තේරුම් ගන්න හදන්නැත්තෙ?! " ඒශ්වර් නැගිට්ටේ කෝපයෙනි. " ඔය හින්දා තමයි උබලට මෙහෙම වෙන්නෙ. "

     අසිපත් ඒශ්වර්ගේ උරහිසෙන් ඇදගෙන කවිච්චිය වෙත ගෙන ගියේය. " හරි.. කියපංකො.. උබ කියන්නෙ නෙලුම්ගේ හිතේ ඌ කෙල්ලෙක් කියලා වගේ කේස් එකක්ද?.. "

     " මං දන්නෑ. ඊයෙ රෑ හීනෙන් ඩැඩියෙක් ගැන කියෙව්වා. අද උදේ අම්මගෙ ලිප්ස්ටික් එකක් තොල්වල ගගා ඉදලා මං එනවා දැකලා පිහදාන්න ගිහින් කලබලේට මූණ පුරා ගාගත්තා. මං දැක්ක එකට කොච්චර අප්සට් ගියාද කියනවනං නෙලුම්ට ඇඩුනා. "

සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Where stories live. Discover now