♡♡♡♡♡♡♡♡♡♡♡♡
" මං බය වුණා හුත්- " නෙලුම් පපුව අතගාගනිමින් අසල වූ ගසකට හේත්තු විය. සද එලියෙන් ඔහුගේ දෑස ද තොල් ද දිලුණේය.
නිවැසියන්ට හොරා ගෙදරින් පැනගත් ඔහු මීටර් කිහිපයක් ඇතුලත ම සිය පෙම්වතාගේ අතට හසු වේවි යැයි ඔහු බලාපොරොත්තු නොවුණේය.
ඒශ්වර් දුරකථනය පිටතට ගෙන විදුලි පහන් දල්වාගත්තේය. නෙලුම්ගේ අතකින් අල්ලාගත් ඔහු නෙලුම් තමා පසුපස ඇදගෙන වැව් වෙරල තීරය දක්වා ගෙන ගියේය.
" මොකද්ද ඕයි- "
" මං ඉද්දි උබ මොකටද එක එකාගෙ පැල්වල යන්නෙ ලගින්න?! " ඒශ්වර් නෙලුම්ගේ අත ගසා දැමුවේය. ඔහු තව දුරටත් ඉවසන අදහසකින් නොසිටියේය.
නෙලුම් ඉවත බලාගත්තා පමණකි. කිසිත් නොකීවේය.
" මං උබෙං අහන්නෙ නෙලුම්! "
" එකෙක් එක්ක කරාට මට ඇති වෙන්නෑ. හරිද?! ඕකනෙ අහගන්න ඕන වුණේ?! " නෙලුම්ගේ හඩ වැව් දියට ඉහලින් රැව් දුන්නේය.
" ඉතින් මං උබෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙ නෙලුම්.. ඇයි මගෙ හැඟීම් ගැන හිතන්න බැරි? " ඒශ්වර්ගේ හඩ මෙවර වඩාත් මෘදු විය. කදුලු පිසිමින් හා නාසය උඩට අදිමින් ඔහු ගල් තලාවට ගොඩ වී හිදගත්තේය.
" මට කවදාවත් සීරියස් රිලේශන්ශිප් ඕන වුණ්නෑ.. පහුගිය කාලෙ මං මොනා වෙලා තිබ්බද මං දන්නෑ. හැබැයි තමුසෙටම හිර වෙලා ඉන්න මට බෑ මල්ලි. මං තවම ඉන්නෙ තමුසෙ පව් කියලා හිතුන හින්දා. තමුසෙ මාව හිර කරන්න හදද්දි මං ඉවසුවෙත් ඒ හින්දා. මට මගෙ නිදහස දෙන්න පුලුවන් නං තමුසෙ ඉන්නවා. නැත්තම් අපි බ්‍රේකප් වෙමු. එච්චරයි. " දරුණු වීමට තැත් කල ද නෙලුම්ගේ හඩ ද හැඩුම්බර ව තිබුණි.
" හරි.. තමුසෙට ඕන හැමදේම මං දුන්නොත්? "
" තමුසෙට ඩිෆාලියා ඩිසීස් නෑනෙ? "
" මොකද්ද ඒ? "
" Penises දෙකක් එක්ක ඉපදෙන එක.. "
YOU ARE READING
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
Science Fictionමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...