රාත්‍රී වැඩ මුරේ තවත් වෙහෙසකාරී විදියට ගෙවලා ඉවර කරපු ජන්ග්කුක්

"අදත් මෙච්චරයිද..."

කියලා බාර් එක දිහා බලාගන කුනු කවරෙත් අනිත් අතට අරන් දවසේ පඩිය අතේ ගුලි කරන් එලියට බැහැලා පාලු පාර දිගේ ඇවිදන් යන්න ගියා..
මේ වෙද්දි මිනිස් පුලුටක් නැති පාරේ ඇවිදන් ගියේ ජන්ග්කුක් විතරයි
පාරේ දෙපැත්තේ තියෙන තැනින් තැන කහ පාට ආලෝක කනු දුරින් දුරින් පිහිටලා තිබ්බා...
එම ලයිට් කනු දෙකක් අතරේ පරතරය බොහෝ අදුරුයි..
එතන ලයිට් කනුව යට තියෙන කුනු බක්කියට කුනු එක දාන ගමන් බක්කිය උඩට වෙලා ඉදගන බලන් ඉන්න කලු පූසා දිහා බලන් ඉදියා...

"හේයි...ස්ස්ස්"

ජන්ග්කුක් කතා කරද්දි පූසා ජන්ග්කුක්ට සැරෙන් ගොරෝලා බැහැලා යන්න ගියා ටිකක් වෙලා බලන් ඉදපු ජන්ග්කුක් පාරේ ඇවිදන් ඉස්සරහට යන්න ගත්තා...
සීතල හුලගක් ඇගේ හැප්පීගෙන යද්දි ජන්ග්කුක් පලමු ලයිට් කනුව අදුර අතරෙන් පහු කලා ඒ කලුවරෙන් නැවත ආලෝකයට එද්දි
පිටිපස්සෙන් තවත් අඩි සද්දයක් ඇහුනා...
ගැස්සිලා යන්වත් එක්කම එතන නතරවෙලා ලයිට් කනුව යට ඉදන් එම ආලෝක කදම්බයේ උදව්වෙන් පිටිපස්ස බැලුවා...
එම ඝන කලුවරේ වීදි ලාම්පුවෙන් දිස් උනේ හුලගට පාරේ රෝල් වෙමින් පාවෙන කඩදාසියක් විතරයි

ආපහු ඉස්සරහා බලාගන අත තවත් තද කරගත්ත ජන්ග්කුක් සීතල හුලගට හිරි ගැහෙමින් වේගෙන් අඩිය තියන්න ගත්තා...අඩි සද්දේත් ඒ වේගෙන්ම ඇහෙද්දි පිටිපස්ස බැලුවත් කිසිවක් නොපෙනෙද්දි හදවත වේගෙන් ගැහෙන්න ගත්තා
ඉස්සරහා බලන් වේගෙන් ඇවිදින්න ගත්තා..ජන්ග්කුක්ගේ වේගයටම ඒ අඩිසද්දෙත් හැඩ ගැසෙනවා...
මේ පාර සද්දේ ලග ලග ඇහෙද්දි බයවෙච්ච ජන්කුක් දුවන්න ගත්තා...
අඩි සද්දෙත් ඒත් එක්කම වැඩි වෙද්දි...
තවත් අඩියක් කරුවල මැදින් ජන්ග්කුක්ට එහා පැත්තෙන් ගමන් කලත් ඒකෙනාගේ හුලග ජන්ග්කුක්ගේ වැදුනත් ජන්ග්කුක්ට එය ගානක් උනේ නෑ ඔහු බය වෙලයි හිටියේ අඩි සද්දේ එන්න එන්නම ලං වෙද්දි අවසාන අන්දකාරයත් පහු කල ජන්කුක් හොදින් ආලෝකය පවතින වීදියකට වැටුනා...
බයෙන් පිටිපස්ස බලපු ජන්ග්කුක් දැක්කේ කලු හෙවනැල්ලක් තව කෙනෙක්ව තල්ලු කරන් නැති උනා විතරයි...

phycho panther (Taekook)[ongoing]Where stories live. Discover now