"කුසුමා...... කෝ කොත්තමල්ලි එක නිවෙන්න තිබ්බද....."

"අනෙ ඔව් සුදු බෙබි අර තියෙන්නෙ මෙසෙ උඩ මම වහලා......"

කුස්සියට ආව සුදු බෙබි කොත්තමල්ලි කොප්පෙයි සිනි බොතලෙයි අරන් මන් ලගට ඇවිත් ඉද ගත්තම කොප්පෙ දිහා බලලා කට ඇද කරලා අහක බලා ගත්තා.

"සපු කෝ මෙක ඉක්මනට ගුඩු ගුඩු ගලා බොන්න....."

"අනේ ඔවා බොන්න බැනේ සුදු බෙබි..... සපු ආස නැනේ....."

"ආස නැ කියලා බැනේ බොන්න එපැයි ඉක්මනට සනිප වෙන්න..... ඔන්න නැත්තම් ලොකු හාමු සපුව බෙහෙත් ගන්න එක්කන් යයි..... එතකොට මිට වඩා තිත්ත බෙහෙත් බොන්න වෙයි ඔන්න....."

"ම්හ්ක්....."

"සපු හොද ළමයෙක් වගෙ මේ ටික ඔක්කොම බිව්වොත් සුදු බෙබි සපුව කුඹුරට එක්කන් යනවලු....."

"ඇත්තටමද....."

"ම්ම්ම්ම්..... ඔව්නේ....."

සුදු බෙබි සපුව කුඹුරෙ එක්කන් යනවා කිව්ව නිසා සුදු බෙබිගෙ අතින් කොප්පෙ අතට ගත්ත මන් ඔක්කොම ටික ගුඩු ගුඩු ගලා ඉක්මනට  බිලා ඉවර කරලා කට ඇරියම සුදු බෙබි මගෙ කටට සිනි හැන්දක් දැම්මා.

උදේටත් සුදු බෙබිට කියලා කවා ගත්ත මන් සුදු බෙබිට කුඹුරෙ යන් කිව්වම සනිප නැති නිසා හෙට යමු කියලා මාව රවට්ටලා මාවත් එක්කන් වත්ත පහලට ආවා. සුදු බෙබි ගස් කොටයක් ලග ඉදන් ඉද්දි මම පොල් ගහ යට තිබ්බ කුරුම් බැට්ටි අහුලලා එතින් ලොකුම එක අතට අරන් කනට ලන් කරලා හොලවලා බලලා මන් ලගම තිබ්බ කොට්ටක් අරන් ඇනලා එක හිල් කරා. ඔහ් එකෙ වතුර තියෙනවා හි කුරුම්බා රස ඇතිනේ. සුදු බෙබිට පිටුපලා හිටිය මන් සුදු බෙබි  දිහා හැරිලා  හොරෙන් බැලුවම සුදු බෙබි කොට්ටක් අරන් බිම මොනවාද කුරුටු ගහන නිසා මම හැදුවේ හොරෙන් කුරුම්ම්බැට්ටියේ තියෙන වතුර ටික බොන්න.

"ඔය ජරාව බිව්වොත්නම් ඇත්තමයි සපුට මන් ගහනව හොදේ......"

සුදු බෙබි තරවටු කරලා එහෙම කිව්වම හිමිට සුදු බෙබි දිහා මම හැරිලා බැලුවා. මන් දිහා රවන් ඉන්න සුදු බෙබි ලගට මන් හිනා වෙලා අර වතුර තියෙන කුරුම්බැට්ටිය විසි කරලා අනිත් චුටි එවා අරන් ගිහින් එයා ලගින්ම ඉද ගත්තා.

SAPU   Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now