මම දන්නවා jeongguk හිතනවා ඇති එයා මගේ හස්බන් උනාට මම අපහසුවෙන් ඇත්තේ කියලා. ඒත් ඒක ඇත්ත නෙමෙයි. මම ඒක කලේ එයාව ආරක්ශා කරන්න.

ඒකයි අපි පොදු ස්ථාන වලට යද්දි එයාගෙ මූන හැමතිස්සෙම වැහිලද කියලා මම කල්පනාවෙන් ඉන්නෙ. හැම තිස්සෙම එයාට මම හූඩි එකක්, මාස්ක් එකක්, හැට් එකක් දාන්න කියන්නෙ අනික් මිනිස්සු එයාගෙ මූන නොදැක උනත් මේ ඉන්න මනුස්සයා මගෙ සැමියා කියන චිත්‍රය එයාලාගේ මනසේ මැවෙන්න.

එතකොට අර මෝල් එකේ සිද්ධෛය වෙච්ච දවසෙදි වගේ සමහර තැන් වලදි විතරක් ඒ ඉන්නෙ මගේ සැමියා කියලා අදුන්වල දෙන්න මට උවමනා උනා. මම හැමතිස්සෙම පරිස්සම් උනා එයාලාව මගේ සිකුරිටි එක බලාගනීයි කියලා. ඒ නිසා එතනින් බනී ගැන කිසිම දෙයක් එලියට යන්නෙ නෑ. ඒත් එදා කම්පැනි එකේදි උන දේ එකපාරටම උනා වගේම මගේ කන්‍ට්‍රෝල් එකෙන් පිටයි උනේ. ඒ මදිවට mr. Park පවා එතන හිටියා. එයා හරිම කපටි මිනිහෙක්. ඒවගේම එයා කිසිම වෙලාවක මේ ඉන්න අහින්සක බනී මගේ සැමියා කියන තොරතුර අතාරින එකක් නෑ.

මම මේ හැමදේම කලේ, මොකද මම බය උනා. මම බය උනා මගේ ස්වීට් වගේම අහින්සක බනීට කරදරයක් වෙයි කියලා මං ලග ඉන්න නිසා. මං කියන්නෙ, මට පුලුවන් එයා වටේට ගොඩක් තද ආරක්ශාවක් දාන්න. ඒත් මම දන්නවා එයාගැන. එයා ගොඩක් කුතුහලේන් ඉන්න ඇක්ටිව් බනී කෙනෙක්. එයා හැම වෙලේම එකතැන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා එයා ගාඩ්ස්ලාගේ ඇස් වලින් ලේසියෙන්ම ලිස්සලා යන්න ඉඩකඩ වැඩීයි.

හරියට නිකං එයා කම්පැනි එකට ආව දවසේ වගේ. මම දැක්කෙ නැත්තම් එයා සිකියුරිටි එකේ අයගේ ඇස් වලිනුත් පැනලා යනවා. මට තවත් අවධානමක් ගන්න බෑ.

ඒත් මම ආපහු ගෙදර ආවම ආපහු මගේ මොලේ මෝඩ පැත්ත වැඩ කරන්න ගත්තා. මම මගේ ලොකු ප්‍රොජෙක්ට් එක නිසා ගොඩක් ස්ට්‍රෙස් එකෙන් හිටියෙ. මගේ බනීගෙ ආරක්ශාව ගැන හිතන එකත් එක්ක මට මගේ හැගීම් පාලනය කරගන්න බැරුවයි හිටියෙ වගේම මම ඒක එයා මතින් යැව්වා.

මම මාව සන්සුන් කරගත්තාට පස්සෙ මට ලොකු වරදකාරී හැගීමක් වගේම ලැජ්ජාවක් දැනුනා එයාට මූන දෙන්න බැරි තරම්. ඒ නිසා මම තීරණය කලා එයාව නොසලකාහරින්න. එහෙම ඉදන් මම සැලසුම් කලා ඒ වෙච්ච වැරැද්ද එයාට නැවත හදන විදිහක්.

මම ඇහැරුනාම මම ආපහු එයාව නොසලකා හැරියා. මම එයා වෙනුවෙන් ලොකු සප්‍රයිස් එකක් සැලසුම් කරමින් හිටියෙ. මම සැලසුම් කලා එයාට මගේ හිතේ තියෙන ආදරය කියන්න. ඒවගේම මම එයාට කියන්න හිටිය අනිත් දෙයින් එයා මේ ලෝකෙ ඉන්න සතුටුම බනී වෙනවා කියන එක නම් මට විශ්වාසයි. මට තවත් ඉවසගෙන ඉන්න බැරි උනා මගෙ  ප්‍රොජෙක්ට් එක ඉවරවෙනකන්. ඒ නිසා මම හිතුවා රෑට බනීව සප්‍රයිස් කරන්න. ඒකයි මම එයාට කිව්වෙ මම ගෙදර ආවාම අපි කතා කරමු කියලා.

ඒත් මම හිතුවේ නෑ මගේ මෝඩකමේ උපරිමය නිසා එදා දවසේ මම සප්‍රයිස් වෙයි කියලා. මට තේරුනේ නෑ අපි හිටගෙන කතාකරමින් හිටියේ පඩිපෙලේ උඩම කියලාවත් මම එයාව මගේ ඇගෙන් එහාට කරන්න ගොඩක් තදින් තල්ලු කලා කියලාවත්.

මම මගේ කොන්ඩෙ අත් දෙකෙන් තද කරලා අල්ලගෙන කෑගහලා ඇඩුවා. මට ඒ දවස මතක් කරන්නවත් ඕනෙ නෑ. ඒක හරිම කටුක දවසක්.

මගුල! මම ඇත්තටම මටම ශාප කරගත්තා එහෙම කරපු එක නිසා! මම එදා දවසට ශාප කලා. ඒක මම හිතලා කරපු දෙයක් නෙමෙයි! ඒත් ඇයි එයාලාට මාව විශ්වාස කරන්න බැරි?!

මම දන්නවා ඒක තවමත් මගේ වැරැද්ද වගේම ඒකට හරියන හේතුවක් නෑ මට. ඒත් එයාලාට බැරිද මට වෙන පනිශ්මන්ට් එකක් දෙන්න? ඇයි ඒක jeongguk ම උනේ?  මම සතුටින් ඉන්න හේතුවම මං වෙනස් වෙන්න හේතුවම? ඇයි jeongguk මට කිසිම දෙයක් තේරුම් කරන්න අවස්ථාවක් දුන්නෙ නැත්තෙ?

ඒත් මං අතාරින්නෙ නෑ. මගේ දෙමව්පියන් හිතාගෙන ඉන්නවානම් අපිව වෙන් කරන්න, එහෙනම් එයාලා දැනගන්න ඕනෙ මම තරම් මුරණ්ඩු කෙනෙක් මේ ලෝකෙ වෙන නෑ කියලා.

ඒවගේම jeongguk දැනටමත් මාව දාලා යන්න හිත හදාගෙන නම් ඉන්නෙ, එහෙනම් මම මට කරන්න පුලුවන් හැමදේම කරනවා එයාගෙ හිත වෙනස් කරන්න. එයාට බෑ මාව මෙහෙම ආදරේ දැනෙන්න දීලා, ආදරේ කරන්න පොලබවලා අතෑරලා දාලා යන්න.

මං ඒකට කමක් නෑ කියලා පැත්තකට වෙන්නෙ නෑ. මම අපේ කසාදෙ ආරක්ශා කරගන්න ඕනෙ. මම අපේ පව්ල ආරක්ශා කරන්න ඕනෙ.

" ඩැඩෑට අපිව දාලා යන්න බැ  මගෙ චූටි මල"

ඔහු හිමීට මිමිනුවේ දැනටමත් චුට්ටක් ඉස්සිලා ඉදිමිලා වගේ පේන එයාගෙ බේබි බම්බ් එක ආදරෙන් අතගාන ගමන්.






හායි🙂

හුවෑ මේකෙ තා තියේ බාගයක් විතර.. ඒත් ෆෝන් එකේ චාජ් නෑ ටයිප් කරන්න තරං.. ඒනිසා ඒ ටික හෙට අරං එන්න..

මං යනෝ..

Bye❤️







~හිතුවKකාරි~

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now