" ආහ්හ්හ්හ්....රදී අයියා.....ඔයා හොර කරනව නේ..අනේ....."" හොර කරෙ නෑ බං.."
" ම්හුක්...අනේ එහෙම බෑ.."
" ගන්න ගන්න දැන්..."
" හුක්.. 1 , 2 , 3, 4, අනේ අප්පා ඔයා එක්ක බෑ..7,8.."
" දේශි අනේ මේ බලන්නකෝ..මෙයා හොර කරා..."
සෙල්ලන් කර කර ඉද්දි අපි ලගට ආවෙ දේශි පුරුද්දට එයාට කතා කරද්දි රවගෙන එයා යන්න් ගියා..
" පොඩ්ඩෝ එයාව ගනන් ගන්න එපා..හේතුවක් ඇති ඔහොම කරන්න.."
" එයාට හැම දේටම ලොකු හේතු තියනව නෙ අයියා..මට දුකයි එයා ඔහොම කරද්දි.."
" මං ඕකට කිව්ව පොඩි එකාගෙ හිත රිද්දන්න එපා කියලා.."
" ඒකට කමන් නෑ මං දන්නවා මොන හේතුවකට ඔහොම කරත් එයාගෙත් හිත රිදෙනවා.."
" ම්ම්..බඩගිනිද පොඩ්ඩෝ..කමු නේද දැන්.."
" බඩගිනි නෑ රදී අයියා..ඔයලා කන්නකෝ.."
" මං කවන්නද.."
" දේශිට.."
" කොච්චර කරත් ඉතින් එයා ගැනම තමා නේ හිතන්නේ..එයාටත් කවන්නම් ඔහොම ඉන්නකෝ මං කෑම අරන් එන්නම්.."
" දේශි..වරෙන් පල්ලෙහට..කන්නෙ නැද්ද.."
දේශිටත් කතා කරන ගමන් රදී අයිය ගියෙ අපිට කවන්න කෑම කරන් එන්න..මෙහෙ ඇවිල්ල කන්න බෑ කියන හැම වෙලාවෙම එයා මට කොහොම හරි කව්වනවා..
අයිය කෑම බෙදාන ඇවිල්ල මං ලගින් වාඩි වෙද්දි දේශිත් ඇවිල්ල මට එහා පැත්තෙන් වාඩි උනා..මූණෙ හිනා පොදක් නෑ ඔරන්මොටන් කෙනෙක් වගේ ඔරවන් ඉන්නේ..දුශ්ටයි මහා..
" කවන්නද.."
" හ්ම්ම්.."
අයිය එයාගෙන් කවන්නද අහද්දිත් හ්ම්ම් කියල නිකන් හිටියා..කටහඩ ඇහුනොත් නිකන් ඇස් වහ වදී වගේ කතා නොකර ඉන්නේ..වහ වදින්නම කටහඩනෙ ඒක..
" ආ කියපන් ඉතින්.."
" මේ දෙන්නත් එක්ක පරිස්සමින් ගිහින් එන්න හොදද ඕන්නම් සුදූලවත් එවන්නම්.."
"එයාල ඕන් නෑ.."
" ඔව් ඔබෙ පණ්ඩිතකමනේ..ආ පොඩ්ඩෝ ආ කියන්න.."
" ආ...."
කතාවෙන් කතාව අයිය අපි දෙන්නටම කෑම කවල යන්න ගියා..මට වතුර බොන්න ඕනි ඒත් නැගිටින්න ලෝබයි..දේශිගෙ සුවද මෙච්චර ලගින් දැනෙද්දි එතනින් ඈත් වෙන්න හිතෙන් නෑ..එයාගෙ අත මගෙ අතේ ගෑවෙනව ඉතින් යන්න හිතෙයිද දෙයියනේ..
" දෙ_ දේශී.."
"මෙහෙම ඉන්න දෙන්න ටිකක්.."
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඇයි මේ මූනවත් බලන් නැති මනුස්සයා මෙහෙම කරේ..ඒත් මොනාදෝ ගොඩාක් දේවල් හිතේ හිරකර ගෙන මගෙ උරහිසට බර උනේ කියන්න මට නොතේරෙනව නෙවේ..
" දේශී.."
" ම්ම්ම්.."
" ඇයි මේ.."
" දෙ__"
" වතුර ටිකක් බොන්න.."
එච්චරයි..එයා නැගිටලා යන්න ගියා..මට ආයෙ එයාට කතා නොකර එහෙම්ම ඉන්න දෙන්න තිබ්බේ..
කාල බීල දේශි නිදා ගන්න ගියත්..මට දැන්ම නිදා ගන්න ඕනි උනේ නෑ..ඒ නිසා මං practice room එකට ඇවිත් dance කරන්න ගත්තේ හිතේ දුක නැති කර ගන්න..හති වැටෙනටන් dance කරාමත් අමුතු සැනසීමක් දැනෙනවා..
" දේශ්...මෙහෙ එනවා.."
" කියන්න.."
" මං උබට කිව්ව පොඩ්ඩට රිද්දන්න එපා කියලා.."
" ඇයි දැන් මං මොනාද කරේ.."
" දන් නෑ ඇයි උන බබාද..ඇයි අචචර හිත රිද්දන්නෙ පොඩ්ඩ එක්ක කතා නොකර.."
practice room එකෙන් එලියට යන්න යද්දි ඇහුන අයිය්ගෙයි මල්ලිගෙයි කතාව නිසා මං නොයා මග නතර උනා..
" කව්ද ඉස්සල්ලම කිව්වෙ එයාගෙන් ඈත් වෙලා ඉන්න එයාගෙම හොදට ඒක කරන්න කියල අහ්..දැන් මොනාද ඔයාල කියන්නේ.."