- 50 -

258 46 6
                                    

" හරි.. මොකද්ද පුතාගෙ නම?.. ඒක කියල ඉන්නකො "

     " .......... "

" ගමේ ඉදපු මුලු කාලෙම ඔයා නෙලුම් වගේ pretend කළාද..? නැත්තන් ඇත්තටම කලින් ජීවිතේ අමතකද... "

    " ............ "

" ආපහු ඔයාගෙ අම්මා තාත්තා ලඟට යන්න කැමති නැද්ද? අපි හදන්නෙ ඔයාට උදව් කරන්න. Why don't you just try to understand..? "

  " .............. "

  " පොලිසියෙ අංකල්ලා කේසස් හැන්ඩ්ල් කරන හැටි අඩුගානෙ නිව්ස්වලින් හරි දැකලා ඇතිනෙ නේහ්?! තමුන් නෙලුම් නෙවෙයි කියන්නෙ ටීවී එකක් හරි තියෙන ගෙදරකනෙ ඉන්න ඇත්තෙ. මං අහන පොඩි ප්‍රශ්න ටිකට උත්තර දෙනවද පොලිස් අංකල්ලා එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලම ඉන්ටෙරිගේශන් එක පටන් ගන්නවද කියලා ඔයා තීරණය කරන්න නෙලුම්. "

   නෙලුම් හිස ඔසවා බැලුවේය. " මං නෙලුම් නෙවෙයි.. "

   " ඒක තමයි! ඒක තමයි මං අහන්නෙ තමුසෙ කවුද කියලා!! " රහල්ගේ ඉවසීම කෙමෙන් දියව යමින් රාජකාරි මානසිකත්වය මත පැල්ලම් ව වැටුණි. පොඩි උන්ගේ මුරණ්ඩුකම් ඉවසන තරමේ පලපුරුද්දක් තාමත් ඔහු නොලැබ ඇත්තේය. දරුණු මිනීමරුවන් හා ජාවාරම්කරුවන් හා ගනුදෙනු කිරීම වඩාත් පහසු ලෙස ඔහුට දැනුනේ ලාබාල මුහුණ දෙස බලාගෙන දරුණු වදන්වලින් ද පහරදීම කළ නොහැක්කක් වූ නිසාද ? කෙසේ නමුත් ඔහුට පිලිතුරු ඇවැසි වන්නේය.

     ප්‍රශ්න කරන මැදිරියේ දොර විවර කර ඇතුල් වූයේ හේශර ය. නෙලුම් වෙත ශීතලින් හිම බැදුනු කොමඩු බීම වීදුරුවක් හා කේක් ඇසිරූ තසිමක් ගෙන ගිය ඔහු සැහැල්ලු සිනහවක් සමඟ එය මේසය මත තැබුවේය.

      " විනාඩි දහයයි.. කාල ඉන්න. "

ආපසු යන ගමන ඔහු රහල්ගේ අතකින් ද ඇදගෙන දොරෙන් පිට විය. දොරෙන් මද දුරක් ඔහු ඇදගෙන ගොස් අතහැරියේ ඔහු අත අඹරවාගන්නට පෙර ය. " මොකද්ද ඕයි කරන්නෙ?! තමුසෙලා හරක් වගේනෙ හැසිරෙන්නෙ. "

      රහල් හිස බිමට හරවාගත්ත ද කෝපවත් සුසුමක් නාසයෙන් පිට විය. ඔහු සිය ජේෂ්ඨ නිලධාරියා බව සැබෑ මුත් ඔහු සිය පෙම්වතා ද වන්නේය. ඔහු සඳහන් කරන වරද රහල් ද දන්නා මුත් ඔහුට කඩිනමින් පිලිතුරු අවශ්‍ය ය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now