- 56 -

299 44 9
                                    




" අකේන් අයියා... නෙලුම් කෝ? "

      " මංදා... හවස සයන්ස් පීරියඩ් දෙකේ හිටියෙත් නෑ. හොද වෙලාවට වසත් ස' හිටියෙ නැත්තෙ. "

     " වසත් ස' ඉන්ටවල් එකට පස්සෙ පීරියඩ් එක ආවනෙ. "

" කලින් යන්න ඇති. මං තමුසෙට උදෙත් කිව්වනෙ ඒශ්- අර මායාන් ද? ඌ මොකද අද පයින්.? "

      ඒශ්වර් කිසිත් නොකීවේය. වැලි පාරේ ඉදිරියෙන් ගමන් කරන මායාන් වෙත පය ඉක්මන් කළ ඔහු පසුපස  අකේන් ද පය ඉක්මන් කළේය.

      " මායාන් අයියා- " උරහිසට අත තැබුණු විගස හැරී බැලූ මායාන්ගේ ඇස් දැක ඒශ්වර් විමසන්නට ආ දේ ගිලගත්තේය. රතු කම්මුල් ද රුධිර කේශිකා පෑදුණු ඇස් ද හුස්මේ වේගය ද විසින් ඔහු මදක් තැති ගන්වන ලද්දේය.

       " ..... ඇයි අද පයින්..? " දිව අග තිබූ පැනය ගිලගත් ලාබාල තරුණයා සුදුසුම පැනය පමණක් ඉදිරිපත් කළේය. සිතූ සේම මායාන්ගේ හකු කිටිකිටියේ එකට තද විය. බෑගය ගලවා කොස් ගහ පාමුළට විසි කළ ඔහු යෝධ සර්පයන් රැසකගේ කොදු සේ පොලවෙන් ඉඩට ඉලිප්පුණු මුලක් මත හිදගෙන බෑගය තුල යමක් සොයන්නට විය.

       " කරේ තියාගෙන යන්ඩ ද අහන්නෙ?! "

     " අපි එක්ක යමු කියන්න.. "

වතුර බෝතලය පිටතට ඇද්ද ඔහු වතුර උගුරු කිහිපයකට පසු කෝපයෙන් රත් වූ සුසුමක් පිට කළේය.

        " අක්කට ඉන්න කියන්නත් එපා කියලා මූ මාව මග හලලා ජෝඩුදාල ගමවටේ රවුම් ගහනවා. මං මොකාද එකා වගේ හැතැම්ම ගණන් පයින් බඩගාන්න්නෝන.. පරයා.. "

     " කවුරු ගැනද බං මේ කියන්නෙ? "

අකේන්‍ය ඒශ්වර්ගේ කනට කර මිමිණූ දේ මායාන්ගේ කන වැකුණේය. ඔහුගේ රැවීම් එරවීම් ඉදිරියේ අසරණ වූ කෙසඟ කොල්ලා ඒශ්වර්ගේ පිටුපසට අඩියක් තැබුවේය.

         " අරූ කිව්වෙ නැද්ද... "

" කවුද? "

     " නෙලුම්.. ඌ ඔක්කොම දන්නවා.. "

    " මොනා ගැනද? "

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now