අදත් ඒ ඇස්...වෙනදා වගේමයි...බස් හෝල්ට් එක මැද තනි කරට බෑග් එල්ලං කෑ කොස්සං ගගහා ඉන්න උස මහත කොල්ලො ගොඩක් මැද, කර දෙකටම බෑග් එක එල්ලං සද්ද බද්ද නැතුව හෝල්ට් එකේ අයිනට වෙලා ඉන්න එයාව පෙනුනෙ හරි පුංචිවට...
පෙනුනෙ නෙවෙයි...එයා පුංචියි තමයි...සයිස් එකෙන් විතරක් නෙමෙයි වයසිනුත්...මං හිතන්නෙ 13ක් විතර...ඒ කියන්නෙ හත වසරේ...
පොඩි උනාට හිත නිවන රූපයක් තිබුනෙ එයාට... දැක්කම අහක බලන්න නොහිතෙන පෙනුමක්...බෝල් නිල් ඇස් දෙක...උදේ පින්න නිසාද මන්දා චූට්ටිත්තක් රතු උන නහය...බස් එක එනකං බලාගෙන ඉන්නකං දත් වලින් හපාගෙන ඉන්න දැනටම රත ගහලා තියන යටි තොල... ඉතිං බලන් ඉන්න හිතෙන එක සාධාරණ නැද්ද...?
මොකද මටත් කියලා හැගීම් දැනීම් නැතුව නෙවෙයිනෙ...ඒක මේ කාලෙට ඇතිවෙන ආකර්ෂණයක් වෙන්නැති...
මට මතකයි ස්කෝලෙ ඉගැන්නුවා නව යොවුන් වියේදී හෝමෝන වල සිද්ධ වෙන දේවල් නිසා විරුද්ධ පාර්ශ්විකයන්ට ආකර්ෂණය වෙනවා කියලා...
ඒත්... මේ විරුද්ධ පාර්ශ්විකයෙක් නෙවෙයිනෙ... එතකොට ඒක මොකක්ද...ඒකත් ඔය කියන හෝමෝනම වෙන්න ඇති... හැබැයි ටිකක් වෙනස්... මොකද මං දන්න තරමින් මේ වගේ දෙයක් පොතකවත් නෑ...
කමන්නෑ කමන්නෑ...මං වෙනස් ඇති අනිත් අයට වඩා... මගේ ආසාවන් වෙනස් ඇති අනිත් අයට වඩා...ඒත් මං ඒකට අකමැති නෑ... මොකද ඒ මට ලැබුන දේ...මං උවමනාවෙන් ගත්තූ දෙයක් නෙවෙයි නෙ... මොකද පොඩි කාලෙ ඉදන්ම මගේ පුරුද්ද ලැබෙන දේ බාර අරගෙන පැත්තකට වෙන එක... ඉතිං මං මගේ හිතේ තියන දේවලුත් එහෙමම බාර ගන්නවා...
'මොකද බං කොල්ලො ඔතන හිටගෙන '
හහ්...මට මාත් එක්කම හිනා...ඇයි ඉතිං නිල් ඇස් දෙක දැක්ක ගමන් මට ඉන්න තැනුත් අමතකයිනෙ...
ආයෙමත් මඩුව තිබුන තැනට ටිකක් එහායින් තිබුන බස් හෝල්ට් එකේ ඉන්න නිල් ඇස් අයිතිකාරයා දිහා බලලා මූනට ආපු හිනාවත් එක්කම මඩුව ඇතුලට එන්න ආවා...
_______________________________________________________
'කොල්ලො ඔය වැඩේ හෙමීට ඉවර කරපං...ඕක බාර දෙන්න ඕනා හෙට... දැං ගිහිං කාපං... දෙකටත් කිට්ටුයි...'
KAMU SEDANG MEMBACA
𖥕 පහන් ටැඹ 𖥕 || ʙʟ || ɴᴏɴғɪᴄ || ϴΝᏀϴᏆΝᏀ
Nonfiksiසැනසීම....! මගේ ජීවිතේ අඩුම වචනෙ, නැතිම වචනේ ඒක වෙන්නැති... NONFICTION BL BASED ON A TRUE STORY! ©Cover credits goes to :- @Freya_Celestie