PLEASE LISTEN THIS SONG QND READ THE STORY!_________________________
මම යන්න තියපූ අඩිය එහෙමම නැවතුනා...මට ඇහුනා වැරදිද නැත්තං ඈත්තටම ද?
එක්කො මට ඇහෙන විකාර වෙන්නැති...ඇයි ඉතිං තුන්සිය හැටපස් දවසේම හිතන්නෙ ඒ කොල්ලා ගැනනෙ...
මමත් යන්න හැරුන පාර එහෙමම ඉදන් කල්පනා කලේ පිටිපස්ස හැරෙනවද නැද්ද කියල...
හදිසියෙ ඕක මගේ හිතලුවක් විතරක් උනත් නිකම්ම වෙන්නෙ මගේ හිත රිදෙන එක !
ඕන නෑ... හැරෙන්න ඕන නෑ...ඕක නිකං මට ඇහිච්ච දෙයක් විතරයි...අනික මොකටද ඒ පොඩි එකා මට කතා කරන්නෙ?
දාහක් දේවල් හිතන ගමන් වෙනද වගේම හදවතට නැතුව මොලේට තැන දීලා මං යන්න ගත්තු අඩිය ආපිය තියල යන්න හැදුවෙ...
ඒත් මට ආයෙමත් උනෙ යන්න ගත්තු අඩිය එහෙමම තියල නවතින්න...
මොකද...
ආයෙමත්,
'තේමිය අයියෙ!!'
ඒත්...එතකොට ඒක හිතලුවක් නෙවෙද?ඒත් එහෙම වෙන්නේ කොහොමද...?
මං දෙපාරක් හිතන්නෙ නැතුව කටහඬ ආපු නිල් ඇස් කරදරකාරයගෙ ගෙදර පැත්තට හැරුනත් හරි...
දන්නවද මගේ මුලු හිතම පිරිලා ගියා...
උදෙ ඉදන් බලන් ඉදලා ඉදලම හෙම්බත් වෙලා හිටපු මට සැනසීමක් දැනුනා ඒ නිල් ඇස් දෙක දැකලා...
හැබැයි ඉතිං....
අදත් රවාගෙන!
අද මොකක් කලාට බැනුම් අහන්න වෙයිද මන්දා...
එක්කො මේකා දන්නෙ රවන්න විතරක් වත්ද?
මං ඉතිං මගෙ ලග තියන ලස්සනම හිනාවක් එයාට දුන්නෙ හිමින් ඒ හරියට ඇවිදගෙන යන ගමන්...
ඒත් ඉතිං සුපුරුදු විදිහට එයා කලේ මට රවපු එක වෙනකොට මමත් සුපුරුදු විදිහට කලිසම් සාක්කු දෙකට අත් දෙක දාගෙන අර හිනාවත් මූනෙ තියන් එයා ඉන්න තැනට ආවා...
ඒත් ඉතිං මගෙ නිල් ඇස් කරදරකාරයා මට තාමත් රවනවා....
හුරතලයක්!
YOU ARE READING
𖥕 පහන් ටැඹ 𖥕 || ʙʟ || ɴᴏɴғɪᴄ || ϴΝᏀϴᏆΝᏀ
Non-Fictionසැනසීම....! මගේ ජීවිතේ අඩුම වචනෙ, නැතිම වචනේ ඒක වෙන්නැති... NONFICTION BL BASED ON A TRUE STORY! ©Cover credits goes to :- @Freya_Celestie