- 57 -

322 53 31
                                    

" මගෙ පුතා... " දේවනාරායන ' සියපත් ', සිය තුරුලට ලං කරගත්තේය.

      " Dadda... " පවසන්නට බොහෝමයක් ඇතත් සියපත් කරබාගත්තේය. සිය පියාගේ සුවද විදිමින් දාසය හැවිරිදි කොලුවා තව ටිකක් දැඩි පපුතුරට ලං විය.

      " Don't do this again.. සුදුමහත්තයෝ.. Don't do this to your dadda again.. "

        " ........ It hurt Dad... I'm sorry.. I should've listened to you.. "

" මගෙ රත්තරං.. ' විශ්‍රාමික ඇමතිතුමා සිය පුතු තදින් පපුවට සිර කරගත්තේය. සියපත්ගේ පළමු උපන්දිනයෙන් තෙමසකට පසු ඔහු සිය ඇමති ධූරයට සමු දී එක්සත් ජනපදයේ ස්ථීර පදිංචියට යන්නේ සිය ලාබාල බිරින්ඳෑවගේ ඉල්ලීම පරිදි ය. ඈ විශාල බියක් සැකයක් සිත තුල දරා සිටි බව දැනුණු නිසාවෙන් ම ඔහු ඇගේ වචනය ඉවත නොදැමුවේය.

           විවාහ යෝජනාවකට අනුව සිය ළඟම මිතුරෙකුගේ දියණිය ඔහු සරණපාවාගන්නේ වයස් පරතරය ද දශක කිහිපයක් වන බවට සියලු පාර්ශ්වයන්ගේ දැනුවත්භාවය ඇතුවම ය. ඈ වැඩිවියට පත්ව ද වසර පහක් ගතව නොතිබුණත් ළදරුවෙකු ඇකයෙහි දරා උන්නාය. ඔහු මුල්වරට ඈ දුටු දිනේ සිය කිරිදරුවා උරමින් සිටි දෙතන් අතකින් සඟවාගෙන ඉවත හැරුණු හැටි සියපත්ගේ දෙනයන දකින සෑම විටෙකම ඔහු හදවතට ගලන්නේ වැව් තොටක් පීරා හමන සුළඟේ මිහිරි සුඟන්ධයක් හා සම සිත පුරා මකරන්ධයන් තවරමිනි.

          ඇයගේ සොදුරු දගකාර දෑස්වල පිලිබිඹුව සියපත් ය. ඔහු පනටත් වඩා ආදරෙන් රැකගත්ත ද ලෝක ධර්මතාවයන් විසින් ගිලගන්නා ලඳ ඇගේ සොදුරු සුවඳ අදටත් ඔහු හද පත්ලෙන් වියැකී යා නොදී රකින එකම සොදුරු සැමරුම සියපත් ය. ඔහු නැති හෙටක් මහලු මිනිසාගේ සිත් කොනක නැත්තේය.

        " මිස්ට රහල්.. මට මගෙ දරුවා ගෙනියන්න ඕන.. "

" අනේ... ඇමතිතුමා මේ දරුවා... " රහල් වචන සෙව්වේය. පියෙකුගේ වේදනාව නොදන්නා තිරිසනෙකු සේ හැසිරෙන්නට ඔහුට නූමනාය. එහෙත් අර අසරණ වයසක යුවලට සිදුවන්නේ කුමක් ද? " මේ දරුවා හිටියෙ ගමක එක ගෙදරක.. ඒ ගෙදර ඉදලා තියෙනවා හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් මේ දරුවම resemble කරන තව පිරිමි ළමයෙක්. කොච්චර සමානද කිව්වොත් අද වෙනකල් ඒ ගෙදර අත්තම්මයි සීයයි හිතන් ඉන්නෙ මේ ඉන්නෙ එයාලගෙ මුණුබුරා කියලා. අපි කොහොමද.. ඇමතිතුමා අපි කොහොමද එකපාරටම ඒ මිනිස්සුගෙ පපුව ගලෝල ගන්නවා වගේ මේ දරුවව අයින් කරලා ඒ මිනිස්සු අසරණ කරන්නෙ? "


සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now